Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ද්‍රෝහී

ද්‍රෝහී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය.

ද්‍රෝහියා...?

මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප්‍රාප්තියයි; දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි.

මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි.

‛ද්‍රෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේ ද, කොතැන දී ද කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට ඔහු කවුරුන් දැයි අමුතුවෙන් හඳුන්වා දෙන්න මට සිදු නොවනු ඇතැයි මම සිතමි.මේ ප්‍රහේලිකාව සකස් කරන්නා මා වන මුත්,එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.

 

 

 

ISBN
9789553128751
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ද්‍රෝහී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.