Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Final Judgement

Final Judgement

About this book

තද අහස් නිලට හුරු මොජිටෝ වීදුරුවේ පළමු උගුර දෑස පියාන රස වින්දෙමි. එහි සීතල උගුර හරහා ගමන් කරන අන්දම මම සිහි කළෙමි. මොහොතක් එසේ ඉඳ නඩු ගොනුවේ වූ සියල්ලත්, සාක්ෂිත් පිළිවෙලින් සිහි කළෙමි. විශේෂ යමක් සිහි නොවූ හෙයින් බර සුසුමක් හෙළා දෑස විවර කළද, මා තිගැස්සී ගියේ මගේ මුහුණ මතම වූ ඔහුගේ දැඩි බැල්ම හමුවේය. මා දුටු බව දැක හෝ ඒ දෑසේ බැල්ම වෙනසක් නොවුණි. ඔහු මදෙස බලාගෙනම ඔහුගේ හරිත තේ කෝප්පය පානය කරන්නට විය. අළු පැහැ දෙනෙත යනු සරාගි බවේ මූර්තියයි. අළු දෑසක් ඇත්තකු විශ්වාසවන්ත පුද්ගලයින් යැයි මා අසා ඇත. එසේම ඔවුන් රහස් රකින්නට සූරයින් බවද අසා ඇත. ඉදින් මා ඉදිරියේ සිටිනා ඒ අළු පැහැ දෙනෙත දෙස බලා මම ඔහුව කියවීමට උත්සහ කළෙමි. එය සිතූ තරම් පහසු නොවන බව පළමු තත්පර කීපය තුළම මට වැටහුණි. මන්ද ඔහුගේ තියුණු බැල්ම මා විනිවිද යමින් තිබුණි. මම පරාජය බාර ගත්තෙමි. ඔහුගේ දෑස මග හැර ඒ අඳුරු පැහැ වත පුරා කරක් ගැසුවෙමි. ඝන ඇස් බැමි නිසා රෞද්‍ර පෙනුමක් වතට එක් කර තිබුණද ඔහු මෘදු පුද්ගලයෙක් බව ඔහුව ඇසුරු කළ කෙටි කලට මම හදුනා ගත්තෙමි. දිගු ඇසි පිහාටු නිසා දෑසට අලංකාරය වැඩි වී ඇත. රැවුල් කොට පිරුණු පැතලි හකුපාඩා නිසා වතෙහි අමුතු චමත්කාරයක් විය. දිගු නාසය මතින් පල්ලම් බැසි මගේ දෑස ඔහුගේ අවපැහැ ගැන්වුණු දෙතොල් මත නතර විය.

“තුසිත කොච්චර කාලෙක ඉඳන් ස්මෝක් කරනවද?”

"ඇයි එහෙම ඇහුවේ මිස්?”

"ලිප් කලර් එක දැක්කාම එහෙම අහන්න හිතුණා. කොහොම වුනත් ස්මෝක් කරන එක තමන්ගේ සෞඛ්‍යයට එච්වර හොඳ මදි තුසිත.”

“මං ස්මෝක් කරන්නෙ නෑ මිස්...”

Details
ISBN
9786246585525
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: Final Judgement

Reviews are published once a member of our team has read them.