ගෞතම බුදුන් වහන්සේගේ දින පොත
වජිර නාරම්පනාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. රාජ්‍ය භාෂා, ජනමාධ්‍ය, පරිසර හා සුළු අපනයන භෝග ප්‍රවර්ධන යන අමාත්‍යාංශවල ලේකම් පදවි දරා ඇති ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආයුර්වේද කොමසාරිස්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති යන තනතුරු සහ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය පරිපාලනයෙහි උප දිසාපති, අධ්‍යක්ෂ, අතිරේක ලේකම් වැනි විවිධ තනතුරු ද දරා ඇත.
ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කර ඇත. රාජ්‍ය පරිපාලන කළමනාකරණය සහ ඵලදායිතා වර්ධනය පිළිබඳ උපදේශකවරයෙකු වන ඔහු ජාත්‍යන්තර සංවිධාන සහ සම්මේලනවල සභාපති, උප සභාපති පදවි දරා ඇති අතර ආයතනික පුහුණුව සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වී ඇත.
වජිර නාරම්පනාව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධරයෙකි. කළමනාකරණය සහ ජාත්‍යන්තර දේශපාලනයපිළිබඳව පශ්චාඋපාධිඩිප්ලෝමාධාරියෙකු වන ඔහු චීනයේ පීකිං විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.