ශ්‍රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය
About this book
ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කරන ලද නම් සංඛ්‍යාව 161 පමණ වෙයි. මේ නාමයන් පිළිබඳ ඉතිහාසය අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික මානව විද්‍යාත්මක සබඳතා පිළිබඳව සහ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා අන්තර් ජාතික සබඳතා පිළිබඳව ඉතිහාසය හදාරන්නන්ට විශාල ආලෝකයක් ලැබෙයි.
වත්මන් දේශපාලන සහ සමාජමය කතිකාවක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ නිජබිම් සංකල්පය සහ ශ්‍රී ලංකා නාමය පිළිබඳව පැනනැගී ඇති ගැටලු නිරාකරණය සඳහා මේ ග්‍රන්ථය ඉමහත් පිටුබලයක් සපයයි.
දේශීය සහ විදේශීය ඓතිහාසික මූලාශ්‍රයන් මගින් ලංකාවේ භාවිත නාමයන්ගේ ඓතිහාසික තතු හෙළි කරන වජිර නාරම්පනාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. රාජ්‍ය භාෂා, ජනමාධ්‍ය, පරිසර හා සුළු අපනයන භෝග සංවර්ධන යන අමාත්‍යංශවල ලේකම් පදවි දරා ඇත. ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ආයුර්වේද කොමසාරිස්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වැනි තනතුරු සහ විවිධ අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල තනතුරු දරා ඇති නිලධාරියෙකි.
ඔහු කොළඹ විශ්වව්ද්‍යාහලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධරයෙකු වන අතර කළමනාකරණය සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ව පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු ද වෙයි. ඔහු චීනයේ පීකිං විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
Details
ISBN
9789556913583
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review