ගම්පොළ ඉතිහාසය
මේ ආදි නෙකක් කරුණු සලකා "ගම්පොළ ඉතිහාසය" නමින් මෙගත සපයා මහ ජනයාගේ නෙත් හමු වේ තබන්ට සිතුවෙමු. ගම්පොළ වනාහි දිවයිනේ පැරණි නගර සමූහයෙන් එකක් ය. අසලින් ගලා යන මහවැලි ගංගාවේ ශ්‍රිය හෙවත් ශෝභාව පැහැරගත් තැනක් යයි දුටු පැරණි වැසියෝ "ගඟසිරිපුරය" යන නමින් නගරය ඇඳින වූහ. ක්‍රි.ව. 1339 වනුයේ පටන් අඩසිය වසකටත් වැඩි තරම් වූ කලක් සිංහල රජුන්ගේ රාජධානියක් බවට පත් ව තුබූ මේ නගරය පෙර දී වර්තමාන නගර ප්‍රදේශයෙන් දකුණු දෙස ශෝභාසම්පන්න සම බිමෙහි පිහිටා තිබුණේය. ගම්පොළට ඒ සා දිගු ඉතිහාසයක් කොයින්දැයි පටු කල්පනා - කාරීන්ගේ අවයව රහිත දුර්වල ප්‍රශ්නයක් වෙයි. මේ නගරයට දිගු ඉතිහාසයක් ඇති බව නම් සැබවකි. එහෙත් මනෝඥ ප්‍රවෘත්ති රැසකින් පිරි තිබෙන ඒ ඉතිහාස ගබඩාවට පිවිසෙන දොරකවුළු බඳු පැරණි පොත්පත් සෙල් ලිපි ඈ විරල බැවින් අසන්ට ලැබෙන නෙකක් කරුණු සනාථ කොට දැක්විය නො හැකි සම්බාධය පෑන් තුඩ ඉදිරියට ගෙනයා නො දී හරස් කපයි. එහෙත් උත්සාහයෙන් ඒ සිදුගෙන ඉදිරියට ම ගිය කල්හි ගම්පොළ නගරයේ දිගු ඉතිහාසය දෙසට අත දිගුකර දක්වන්නවුන් වැනි ප්‍රබල සාක්ෂ්‍ය කිහිපයක් දක්නා ලැබෙත්.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.