My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
මෙම කෘතියේ කතුවර නිව්ටන් ගුණසේකර සූරීන් පුරා විසි වසරක්
වැව් බැඳි රාජ්‍යයේදී අත් විඳි විවිධාකාර සුඛදුක්ඛ අත්දැකීම්
යළි ආවර්ජනය කරමින් රචිත මෙම රමණීය නිබන්ධනය තුළින්
රජරට නුවරකලාවිය වෙත පාඨක ඔබව කැඳවාගෙන යන්නේ
ළෙන්ගතු විදුරකු ලෙසිනි. රසවත් නවකතාවක් සේ එක දිගට
කියවාගෙන ගිය හැකි සරල හා සුගම භාෂා රීතියකින් රචනා කොට
ඇති මෙම කෘතිය හුදු කල්පිතයක් නොව සත්‍ය සිදුවීම් පාදක කොට
ලියා තිබීම විශේෂත්වයකි. එකල වැව් බැඳි රටේ පැවති රුදුරු කොටි
ත්‍රස්තවාදය ගැන මෙන්ම ජවිපෙ භීෂණ සමය ගැනද ත්‍රාසය දනවන
තොරතුරු ඇතුළත් “ගෙවුණු කාලය මනරම්” වැව් බැඳි දනව්වේ එදා පැවති
(1979-1999) දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා විද්‍යුත් මාධ්‍ය භාවිතයේද
හරස්කඩක් ලෙසට හඳුන්වාදිය හැකිය.
Author | නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (20) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (627) |
ISBN | 9789556861587 |
---|---|
පිටු ගණන | 207 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |