Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ගිමන් හරිමි

ගිමන් හරිමි

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"ගිමන් හරිමි” දිළිඳු පවුලක උපත ලබා දිළිඳු පරිසරයක හැදී වැඩි, තම දිරියත් අධිෂ්ඨානයත් නිසා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන අනේකවිධ දුක් කම්කටොළු භාදක වලට මුහුණ දී ඉදිරියටම යන දැරියකගේ හැගීම්බර රසබර කතාවයි. පළමු පිටුවේ සිට අවසාන පිටුව දක්වාම පාඨකයා ඇඳ බැඳ තබා ගන්නා "ගිමන් හරිමි” නවකතාව සිඩ්නි වාසී කලාකාරියක් හා නවකතා රචිකාවක් වන ප්‍රිසිලා ගොඩහේවා ගේ දෙවන නවකතාවයි. පාඨක රසවින්දනයට ඉමහත් සේ රුකුල් දෙන "ගිමන් හරිමි” නවකතාව අප සැමදෙන දිරි ගන්වන වැදගත් සමාජ පණිවිඩයක්ද ගෙන එයි. ජිවිතයේ අනේකවිධ දුක් කම්කටොලු භාදක වලට මුහුණ දෙන අන්දමත් ඒවා විසඳා ජයගන්නා අන්දමත් කාන්තාවකගේ දෘෂ්ටි කෝණයකින් මනා ලෙස සාකච්චාවට භාජනය කරන ප්‍රිසිලා, මෙම නවකතාව මගින් ඇගේ සමාජ පරිචයත් සංවේදී බවත් මනාව පිළිඹිබු කරයි.

පාසල් යන අවධියේ පටන් පුවත් පත් සඟරා වලට ලිපි කෙටි කතා ලියා ඇති ප්‍රිසිලා, ඇයගේ ප්‍රථම ආදර නවකතාව වර්ෂ 2016 දී ප්‍රකාශයට පත් කර දැනට දෙවන මුද්‍රණයේ පවතින අතර, ඒ බව මෙහිදී සටහන් කල යුතුයි.

ප්‍රිසිලාගේ දෙවන ආදර නවකතාව "ගිමන් හරිමි” සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන පැතුම සමඟ, අනාගතයේදී මෙවැනි සාර්ථක කෘති රාශියක් ඇයගෙන් බිහිවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

 

ආචාර්ය සිසිල් ෆොන්සේකා

සිඩ්නි, ඕස්ට්‍රේලියා

ISBN
9789555168113
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිමන් හරිමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.