ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
සිය කාව්‍ය චාරිකාවේ සිවුවන තීර්ථයට ළඟා වී සිටින සමන් විජේසූරිය ගිනි ගිනි බොලේ - රැලි රැලි මාලේ’ නමින් තිළිණ කරන්නේ දිගු අභ්‍යාස සමයක පිරිපුන් අස්වනු සම්පත යි. සිවුවන කෘතියට එද්දී හෙතෙම ආනුභූතික ව මෙන් ම භාෂා නෛපුන්‍යයෙන් ද පරිනත ව සිටී.
අඩ්ඩකාසී වෙමි
නව සීවථික ලෑලි ගෘහයේ වෙසෙමි
අඩු මිල වහස් බැලුම්
ගිලුණු නෙත් යට ම හංගා ගමි
සිර වී රෝග බිය මැද
පාන් කාලක කඳුළු ම උලාකමි
ථෙරි ගාථා වැනුම් මග ගත්ත ද, අතීතය ඉඟිලෑව ද වර්තමාන දුක්ඛප්‍රාප්තිය මෙහි අන්තර්ගතය සරසයි.
නවක වධයෙන් මියගිය පුතු නිසා වැළපෙන පියෙකු ගැන කියන විට සමන් වඩාත් හෘදයග්‍රාහී රීතියක් තෝරා ගනී.
නිල් පැහැ මදුරු දැල, පොඩි ඇගලුම් රැගෙන
ආ ඒ තාත්තා අද ආ බව නො දැන
අතැඟිලි තබා පපුවේ උණුහුම හොයන
රන්තැටි පුතා නාඬ ම නිදි දෝ මෙතන?
උත්ප්‍රාසය නැතහොත් ව්‍යාජෝක්තිය සමන්ගේ කවියෙහි කැපී පෙනෙන අලංකරණ විධික්‍රමයකි.
වීථියෙහි බුදුවරුන් මවන වෙළෙඳ ශිල්පියකුගේ ක්‍රියාකාරකම් කවියට කැඳවන සමන්, එකී අලංකාරයෙන් උපරිම පල ලබයි.
දුෂ්කර ක්‍රියා කරන
දුබල මැවුම් කරුවා
පිහිදයි
ප්ලාස්ටර් ඔෆ් පැරිස්
සුදු බුදු රැස් තැවරුණු අතින්
නළලේ දහඩිය
සමන් විජේසූරියගේ කවියෙහි අහුපෑවත විමසිය යුත්තේ, විවෘත මනසකිනි; යල් පිනූ මතවාද ඇසුරේ ම නොව කවිය සමග ම යාවත්කාලීන කරගන්නා මෙවලම් ඇසුරිනි.
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.