ගිනි වැදුණු පියාපත්
"ගිනි වැදුණු පියාපත්" මාලා කාව්‍යය එම ආරේ වෙනත්
සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම
වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය -
විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය;
සාමාන්‍ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට
අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට
විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක්
පද්‍යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන්
මේ කාව්‍යය සාමාන්‍ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ
කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය
රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල
කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු
මාවත් හා අප්‍රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස
නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි
වැදුණු පියාපත්" නූතන සිංහල කාව්‍යය තුළ සුවිශේෂ
තැනක් හිමි කරගන්නවා යැයි මට පෙනෙන්නේ එය
තියුණු දේශපාලනික කතිකාවක් උද්වහනය කරන
හෙයිනි. කෙසේද යත්, එය ශ්‍රී ලංකාවේ ජන වාර්ගික
ගැටළුව ආශ්‍රිත සමාජ ව්‍යවසනයන් පිළිබඳ පටිසෝතගාමී
අර්ථ සම්පාදනයක් කරන්නේය; එලෙසින් එය
හෘදයසාක්ෂියේ ඇණවුමකට පමණක් අයත් වන උසස්
සදාචාර ප්‍රකාශනයක ස්වභාවයක් ද අඩංගු කරගනී. "ගිනි
වැදුණු පියාපත්" පියාඹන්නේ මානව ගෞරවය, සාමය
හා මිත්‍රත්වය පදනම් කරගත් අනාගත ශ්‍රී ලාංකික
ජනරජයක වෙසෙන මිනිසුන්ගේ හදවත් වෙතටයි.
-ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.