Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිනියම් ඇස්
About this book

ගිනියම්

ඇස්

ජයශංඛ කරුණාරත්න

ඔහු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී ගොස් ඔහු සිහිවිසඥව බිම ඇද වැටුණේ ය. බිම ඇද වැටෙත්ම දෙනෙත් බොඳවී ගොස් මොළය හරහා විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් ඔහුට දැනී ගියේ ය. ඒ මොහොතේම බොඳවී යන දෙනෙත් අතරින් ඔහුට තවත් දසුනක් දිස්විය. එම නිල ඇඳුම ලා ගත් පුද්ගලයා ඔහු ඉදිරියේ සිටගෙන සුරත ඔහු දෙසට දිගුකරගෙන සිටින අන්දම ය.

ISBN
9789556864076
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. About this book
    දින 3 ලැබුනා ත්‍රාසජනක කතාවලට රුචි අය හට හොද පොතක්
    Senal රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: ගිනියම් ඇස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.