Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ජ්‍යෝතිෂ්‍යය / ග්‍රහ යෝග විවරණ

ග්‍රහ යෝග විවරණ

About this book

ග්‍රහ යෝග මගින් ශුභඵල පමණක් නොව අශුභඵලද ලැබේ. පංචමහා පුරුෂ යෝග දෙක, තුන යෙදුණු පුද්ගලයින් පවා අනන්ත අසරණ තත්වයට පත්ව ඇත. එවැනි තත්වයක් ඔවුන්ට උදා වූයේ එකී බලවත් යෝගයන් නිසි තත්වයෙන් නොයෙදුණු හෙයිනි. සමහර ග්‍රහ යෝගයන්ට පාදක වූ ග්‍රහයින් අදාළ ස්ථානයේ හෝ රාශියේ දුර්වල අංශකයක තැන්පත් වූ කල නිර්දේශිත ශුභඵල හිමි නොවේ. මේ අතර පාප ග්‍රහයින්ගේ සංයෝගය හෝ දෘෂ්ටිය මගින්ද බලවත් ග්‍රහ යෝග අඩපණ වේ. බලවත් අශුභ යෝග මගින් ශුභඵල අවුරා තබනු ඇත.

ග්‍රහ යෝග විවරණ කතුවරයා ඒ ඒ යෝගයන් බල හෝ දුබල වන ආකාරය උදාහරණ සහිතව ඔප්පු කිරීමට මහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලි වේ. මෙම කෘතියට විවිධාකාරයේ ග්‍රහ යෝග එකතු කොට ඇත. එකී යෝගයන්ගේ බලාත්මක භාවය විවිධ කෝණ ආශ්‍රයෙන් පැහැදිලි කරයි. එකම යෝගයෙන් ලැබෙන ශුභ අශුභ තත්වය පැහැදිලි කිරීමට කතුවරයා හැම අවස්ථාවකදීම උදාහරණ කේන්ද්‍රර ඉදිරිපත් කර ඇත.

පර්යේෂණාත්මක ජ්‍යොතිෂ ග්‍රන්ථ විස්සකට වැඩි සංඛ්‍යාවක් පාඨකයින් වෙත තිළිණ කර ඇති කතුවරයාගේ මෙම කෘතිය ආධුනික ජ්‍යොතිෂවේදීන්ට පමණක් නොව ප්‍රවීණ ජ්‍යොතිෂඥයන්ට පවා අත් පොතක් වශයෙන් භාවිතා කිරීමට සුදුසු බව විචාරශීලීව අධ්‍යයනය කළහොත් පැහැදිලි වනු ඇත.

ISBN
9789553116758
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ග්‍රහ යෝග විවරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.