Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හඬනු මැන නිදහස
About this book
වර්ණ‌භේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් ගෙන යන ලද අදිටන් සහගත අරගලය ලොව පුරා අදිටන් සහගත අරගලය ලොක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ජේදයකි. මේ අරගලය ලොව පුරා යුක්තිය අගයන විවිධ පාර්ශවයන්ගේ සහාය ලබද්දී අකුණු අප්‍රිනාව තුළම විසූ ලිබරල්වාදී සහ වර්ගවාදය පිළිකෙවි කරනා සුදු ජාතියන් සීමිත පිරිසකගේ ද කොන්දේසි විරහිත සහයෝගීතාවන්ගෙන් විචිත්‍ර වූයේය. කෙසේ වුවද ඉන්දීය නිදහස් සටනේ නියමුවා ලෙස මහත්මා ගාන්ධි පූජාසනයෙහි හිඳුවනු ලබද්දී නිදහස් අරගලයෙහි තවත් නියමුවන් පිරිසක් ඉතිහාස පොතෙහි පිටු අතහර සැඟව ගිය අයුරින්ම දකුණු අප්‍රිකාවේ අරගලයේද නෙල්සන් මැන්ඩෙලා නම් පවුර පිටුපස සැඟව ගිය අයුරින්ම දකුණු අප්‍රිකාවේ අරගලයේද නෙල්සන් මැන්ඩෙලා නම් පවුර පිටුපස සැඟව ගිය චරිතද බොහෝය.
ස්ටීව් බිකෝ නම් කළු ජාතික තරුණයා සහ වාරණයන් බිඳ හෙලමින් ඔහුගේ අරගලයෙහි හඬ පෙරමුණට ගන්නට අනුපමේය කාර්යාභාරයක් ඉටු කළ එසේම අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීමෙන් පසු බීකෝගේ මිනීමරුවන්ට එරෙහිව දිවි නොතකා අරගලයට බට ඩොනල්ඩ් වුඩ්ස් යනු මෙසේ දකුණු අප්‍රිකානු අරගල ඉතිහාසයෙහි සැඟව යා නොදී මතු කළ යුතු චරිත දෙකකි. ජෝන් බ්‍රයිලී විසින් රචිත, හඬනු මැන නිදහස නමින් සුනිල් මාධව ප්‍රේමතිලක විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මේ කෘතිය යනු දකුණු අප්‍රිානු වර්ණභේදවාදයට එරෙහි අරගලයේ මෙන්ම කඳවුරු දෙකකට අයත්විය යුතුව තිබුණද මනුෂ්‍යත්වයේ නාමයෙන් එ පෙරමුණක කොන්දේසි විරහිත අරගලයක නිරත වූ අතිශය සුන්දර මිනිසුන් දෙදෙනෙකු ගේ අපූර්ව බැඳීමක කතාවද වෙයි.
ලොව පුරා පුජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒකාධිපතියක් වෙස් බදින, දේශානුරාගයේ, ජාතිකවාදයේ සෙවණැල්ල යට වර්ගවාදය අවි මුවහත් කරන මනුෂ්‍යත්වය වෙනුවට ජාතිකත්වය ඉස්මතු කරන ආගමික අන්තවාදීන් සිය ශාස්තෘන් පෙරමුණට ගෙන සංහාරයන්හී නියැලෙන වර්තමානයක සාධාරණ ලෝකයක් උදෙසා සටන් වදින්නන් හට බීකෝ මෙන්ම චුඩ්ස් කියවීම යනු සිය දැක්ම පොහොසත් කරගැනීමට අගනා කවුළුවකි. ලෝකය අලුතින්ම තැනිය යුතු මසෙන්ධියක පසුවන මොහොතක අද අප අතර නැති වුවද බීකෝ සහ වුඩ්ස්ගේ අරගලය ගැන කියවන විට ඔවුන්ගේ අදහස් අදටත් කෙතරම් ගැළපෙන්නේදැයි පාඨකයා හට දැනෙනු වැළැක්විය නොහැකිය. හඩනු මැන නිදහස කෘතියෙහි නව මුද්‍රණය අතිශය වැදගත් වන්නේ පුරවැසියා පහ හාවේදියා යන දෙදෙනාම අර්බුදයට යමින් සිටිනා අවස්ථාවක මේ කෘතිය අපේ සිසිර නිද්‍රාවට ආධා කරනා බැවිනි.
ISBN
9789554005143
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හඬනු මැන නිදහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.