හඳ මායාකාර ගෑනියක්
සූක්ෂමතාවෙන් යුතු ඉන්ද්‍රිය පද්ධනියක් සහිත නිසර්ග ප්‍රතිභාවෙන් පිරිපුන් යමෙකු තථ්‍ය ලෝකයෙන් ලත් පුද්ගලානුභූතින් පරිකල්පනයෙන් පෝෂිතව මිහිරි වූ රස බසෙකින් පැවසීම කවිය යි. එය විස්මයාවහ නිර්මාණ විශේෂයකි.
ජීව අජීව ලෝකය මානව සබඳතා සුබදුක්ඛ පුද්ගල චර්යාවන් සියල්ල දෙස තියුණු ඇසින් බලා එය බසින් සිතුවම් කිරීමේ දුර්ලභ වූ ගුණය කවියා හෝ කිවිඳිය සතු වන්නේ ය.
එබඳු සුදුර්ලභ කවිත්වයක් ඇත්තෙකු තමා වෙසෙන මෙම ජීව අජීව ලෝකයේ තතු මසැසින් දැක නැණැසින් පිරික්සා අපූර්ව නිර්මාණ බවට පත් කිරීමේ ප්‍රතිහා ශක්තියෙන් පිරිපුන් ය. රසිකා මුහන්දිරම්ගේ කවි තුළ එම දුර්ලභ වූ ගුණය මැනැවින් සටහන් වී තිබේ. එහිදී ඇය තම දෙපා රැඳුණු සමාජ භූමියෙහි වෙසෙන සියලු මානවයන්ද සුවිශේෂිතව පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ වෙසෙන ස්ත්‍රී පක්ෂය මුහුණ දෙන විඳවන අපමණ දුක් පීඩා දෝමනස්සයන් ද අසමින් දකිමින් ලබන කම්පනය කවි බසින් සටහන් කිරීමට දක්වන කුසලතාව සුවිශේෂ වෙයි.
ගෑනු හිටියෙම හිනාවීගෙන තම ප්‍රථම කවි පුස්තකයෙන් පාඨකයා ඇමතූ රසිකා මුහන්දිරම්ගේ හද මායාකාර ගෑනියක් මගින් නැවත අප අමතන්නීය.
| Author | රසිකා මුහන්දිරම්ගේ - Rasika Muhandiramge (2) |
|---|---|
| Publisher | සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (1014) |
| ISBN | 9789553134752 |
|---|---|
| පිටු ගණන | 102 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




