Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / හඳ මායාකාර ගෑනියක්

හඳ මායාකාර ගෑනියක්

About this book

සූක්ෂමතාවෙන් යුතු ඉන්ද්‍රිය පද්ධනියක් සහිත නිසර්ග ප්‍රතිභාවෙන් පිරිපුන් යමෙකු තථ්‍ය ලෝකයෙන් ලත් පුද්ගලානුභූතින් පරිකල්පනයෙන් පෝෂිතව මිහිරි වූ රස බසෙකින් පැවසීම කවිය යි. එය විස්මයාවහ නිර්මාණ විශේෂයකි.

ජීව අජීව ලෝකය මානව සබඳතා සුබදුක්ඛ පුද්ගල චර්යාවන් සියල්ල දෙස තියුණු ඇසින් බලා එය බසින් සිතුවම් කිරීමේ දුර්ලභ වූ ගුණය කවියා හෝ කිවිඳිය සතු වන්නේ ය.

එබඳු සුදුර්ලභ කවිත්වයක් ඇත්තෙකු තමා වෙසෙන මෙම ජීව අජීව ලෝකයේ තතු මසැසින් දැක නැණැසින් පිරික්සා අපූර්ව නිර්මාණ බවට පත් කිරීමේ ප්‍රතිහා ශක්තියෙන් පිරිපුන් ය. රසිකා මුහන්දිරම්ගේ කවි තුළ එම දුර්ලභ වූ ගුණය මැනැවින් සටහන් වී තිබේ. එහිදී ඇය තම දෙපා රැඳුණු සමාජ භූමියෙහි වෙසෙන සියලු මානවයන්ද සුවිශේෂිතව පුරුෂ කේන්ද්‍රීය සමාජය තුළ වෙසෙන ස්ත්‍රී පක්ෂය මුහුණ දෙන විඳවන අපමණ දුක් පීඩා දෝමනස්සයන් ද අසමින් දකිමින් ලබන කම්පනය කවි බසින් සටහන් කිරීමට දක්වන කුසලතාව සුවිශේෂ වෙයි.

ගෑනු හිටියෙම හිනාවීගෙන තම ප්‍රථම කවි පුස්තකයෙන් පාඨකයා ඇමතූ රසිකා මුහන්දිරම්ගේ හද මායාකාර ගෑනියක් මගින් නැවත අප අමතන්නීය.

ISBN
9789553134752
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හඳ මායාකාර ගෑනියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.