"සර් කියන විදියට අපි රැඳිල ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?" මංජුල නානායක්කාර මඳ සිනාවකින් මුහුණ පුරවගෙන නායකතුමා දිහා බලාගෙන අහද්දි නායකතුමාගෙ හිනාව තවත් පළල් වුණා.
"හරියටම හරි මංජුල.... මේ රටේ මිනිස්සු හීන දකින්නෙ බලාපොරොත්තුවල එල්ලිලා.
"ඔය විදිය"ට සර්, මේ ජනතාව හීනෙන් ඇහැරුණොත් අපිට මොකද වෙන්නෙ....?"
"මංජුල අන්න ඒකට තමයි අපි මේ මිනිස්සුන්ව සදාකාලික දේශපාලන නින්දට යවන්න ඕන කියන්නෙ. මං විශේෂ කාරණාවක් කියන්නත් එක්කයි මංජුලට කතා කරන්නෙ. කවුද මංජුල ලන්සි වත්තට අලුතින් ඇවිත් ඉන්නව කියන හාදය? මිනිහ වත්තෙ උන්ව කන්ට්‍රෝල් කරනව කියල මට නිව්ස් එකක් ආවා. ඇත්තද ඒ කතාව.....? "
"ආ මං දන්නව සර්. ඒ මගේ ළඟ ඉන්න විසල්ගෙ මල්ලි. කැම්පස් ඉඳල ආවෙත් මේ ළඟදි.."
"කවුරු උනත් කමක් නෑ, මිනිහ මේකෙ ඉන්න හරක් පැටව් ටිකගෙ ඇස් අරිනව නම් ඒක අපිට ඒ තරම් සුබදායක නෑ. මොකද, ලංසි වත්ත කියන්නෙ අපේ ආසනේ තියෙන ඡන්ද උල්පතක් විතරක් නෙවෙයි අපිට අවශ්‍ය තවත් ගොඩක් දේවල් ලාබෙට ගන්න පුළුවන් සම්පත් ආකරයක් වගේ තමයි. "
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.