Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිම උණුසුම

හිම උණුසුම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

1979 දී, ලාබාල වියේදී සෝවියට් දේශයේ අධ්‍යාපනයට ගිය කීර්තිමත් මාතර රාහුලයෙක් වූ ලාල් විජේසිරිවර්ධන මහතා මවුරටට සැතපුම් දහස් ගණනක් ඈත ල්වෝව් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දකින්නට, අසන්නට ලැබුණු සිද්ධීන් ඇසුරෙන් "හිම උණුසුම" දක්ෂ ලෙස කෙටුම්පත් කර තිබුණේ ඉතාම සජීවීව ය. කියවන්නා ඒ දර්ශන තලයට ම ගෙනයාමේ දුර්ලභ සිනමාත්මක ගුණයක් ද මම එහි දුටිමි. තවද ඇසූ හා දුටු දෑ තම නැවුම් අත්දැකීම් ලෙස, නොබියව සටහන් කිරීමේ (Candid) ශෛලීය නිසා එය බොහෝ ජනප්‍රිය වුණි.

එහි චරිත අප සමඟම ජීවත් වූ චරිත වෙන තරමට සජීවී කළ දක්ෂ අකුරුකරණය හමුවේ මගේ අදහස වූයේ ඒ මහතා තුළ බොහෝ කලක් සිරවී සිටි දක්ෂ ලේඛකයෙක් ඉස්මතු වූ බවයි. දීර්ඝ කාලයක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඒ මහතා තමන්ට ම ආවේනික වූ සෝපාහසයත්, භද්‍ර යෞවනයේ තාරුණ්‍යයත්, චමත්කාරය සමඟ මුසු කරමින් ලියවුනු හිම උණුසුම බොහෝ අය රස විඳිනු ඇතයි සිතමි.

විජිත බණ්ඩාර හේරත්

එක්සත් රාජධානිය

ISBN
9786245943005
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිම උණුසුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.