Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / ලන්සි වත්ත

ලන්සි වත්ත

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
ISBN
9786249968998
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ලන්සි වත්ත
This book ලන්සි වත්ත ලාල් විජේසිරිවර්ධන
රු. 880.00 රු. 1,100.00
හිම උණුසුම ලාල් විජේසිරිවර්ධන
රු. 440.00 රු. 550.00
රාහුල හංදිය ලාල් විජේසිරිවර්ධන
රු. 1,080.00 රු. 1,200.00
3 books selected
රු. 2,400.00 රු. 2,850.00
Save රු. 450.00 off the publisher's price
Customer Reviews 1
  1. ලන්සි වත්ත නව කතාව හිත තදින්ම බැඳ ගන්න සමත් වුණු කතාවක්.
    ලන්සි වත්ත නව කතාව හිත තදින්ම බැඳ ගන්න සමත් වුණු කතාවක්.
    ඒකට ප්‍රධාන හේතු තුනක් තියෙනව.
    අපි පුංචි කාලෙ කියෙව්ව අඹ යාළුවො කතාවෙ වගේ අද කාලෙ හොයාගන්න බැරිතරම් හොඳ යාළුවෙක් ඒ කතාවෙ ඉන්නව.
    තමන්ගෙ පෙම්වතා සැමියා ව තේරුම් ගත්ත හැම එකටම කච කච කියල කෑ ගහන්නෙ නැති නැති ආදරණීය කාන්තා චරිතයක් තියෙනව.කතාවෙ කොටස් කිහිපයකට පමනක් සීමා උනත් මේ කතාවට හිත බැඳෙන්න එයාත් ලොකු හේතුවක්.
    ඒ වගේම අද කාලෙ කොල්ලෙක් ගෙන් දැකගන්න ටිකක් විතර අමාරු එහෙට මෙහෙට වැනෙන්නෙ නැතුව කෙලින් තීරණ ගන්න පුළුවන් උන තමන්ගෙ යටි හිතින් සමහර කළු සිතුවිලි මතුව ආවත් එව තර්කානුකූලව සහ උපේක්ශාවෙන් පිරිසිදු කරගත්ත තනිකර සුදු චරිතයක් නොවුනත් පරමාදර්ශි කියන්න පුළුවන් අවංක පිරිමි චරිතයක් ඉන්නව.

    මේ තරුණයා තමන්ගෙ දක්ශකමත් ජීවිතයේ තමන්ට එන අභියෝගත් අතර වැටි වැටි නැගිටමින් අවසානයෙ ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහින් ලන්සි වත්ත නම් වූ ඔහුගේ නවාතැන පිහිටි පරිසරයේ විවිධ හැල හැප්පීම් වලට විටින් විට මුහුන දෙමින් විවිධාකාරයේ සුදු කලු අලු මිනිස්සුන් ආශ්‍රය කරමින් තමන්ගෙ ජීවන ගමන යහපත් කරගන්න වැටුන හැම අවස්ථාවකම නැගිටින්න වෙනස් මගක් සොයාගනිමින් තමන්ගෙ සිතුවිලි සමග තමන්ම සටන් කරමින් ඒත් කර්මයේ බලපෑමද අත්විඳිමි එයිනුත් නොසැලමෙන් ගිය ගමන ඇත්තටම කුතුහලය සංත්‍රාසය පිරුනු ත්‍රාසජනක කතාවක් වගේ දැනුනු අවස්ථාත් තුබුණා.
    මේකෙ මම දැකපු ලොකුම ගුණය සමහර අතිසංවේදී අවස්ථා විස්තර කරද්දි සිද්ද වුනේ මොකද්ද කියල පාථකයට තේරුම් ගන්න පුලුවන් ගානට හරිම සංයමයකින් විස්තර කරල තිබුනු එක. ඒකට වෙනම ගෞරව කරන්න ඕනි.

    හැත්තෑව අසූව දශක වල මේ රටේ තිබුනු දේශපාලන කැරලි කෝලාහාල ඒ තරුණයන්ගේ ජීවිත වලට කෙලින්ම නොවුනත් වක්‍රාකාරව බලපාපු ආකාරය දේශපාලන නොවන කතාවක් තුලිනුත් ඉතාම අපූරුවට පෙන්වාදීපු තැන් කිහිපයක්ම තිබුනා. අපි අහල තියෙන අපේ අම්මල තාත්තල පුංචිල මාමල තරුණකාලෙ එයාල මුහුන දීපු අත්දකීම් වගේම අසූව දශකයේ අපේ පුංචි කාලෙ මතකයෙ තියෙන සමහර සිද්දි පවා මේ කතාව කියවන් යද්දි ජීව මානව දැනුනා.
    මේක හැම දිශානතියකටම විහිදුනු කතාවක් කියල මම කියන්නෙ ඒ හින්දයි.
    පොතක් කියවන කොට මේ මුළු ලෝකයම මොහොතකට අමතක කරල ඒකට පාඨකයාව ඇබ්බැහි කරගන්න හැම පොතටම බැ. මට අනුව නම් ඒ කාර්‍ය හරියටම කලා මේ කතාව. ඉතින් ස්තූතියි ගොඩාක් ලන්සි වත්ත කතාව වෙනුවෙන්. තව තවත් මේ වගේ නිර්මණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවායි ඉත සිතින් සුභ පතමි මම.
    Manuja Vithanagama රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: ලන්සි වත්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.