Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිනැහෙන් රොබරෝසි

හිනැහෙන් රොබරෝසි

About this book

''ආදරණීය නිරෝධා සියල්ල සිදුවී අවසන් බව මම දනිමි. නමුදු ජීවත්ව සිටියෝතින් කවදා හෝ විඩාපත් මැදිවියට එලඹෙන මාගේ පහන් සංවේගය පිණිස, කුමක් හෝ මෙහි කුරුටු ගාන්නට මම සිතමි.අදද අඟ නගරයෙන් බැහැරව යන දිනක, ඔබත් මාත් හමුවී දොඩමලු වූ තැන් දකිද්දී හිතට දැනෙනා හැගීම් විස්තර කරන්නට පොහොසත් කමක් තවමත් මා ලග නැත. තාමත් මේ මොහොතේත් ඔබගේ හුරතල් කටහඩ මගේ දෙසවන් තුල නින්නාද වේ. ඔබේ සිනා හඬ මා පාරවමින් දසතින් ගලා යයි. ඔබට කියන්නට බොහෝ දේ සිතේ සිරවී තිබූ බව ඔබත් නොදැන සිටින්නට ඇත. නමුදු මම ඔබට අසීමිතව ආදරය කළෙමි. ඔබ එය හොදින්ම දැන සිටි බවද මම දනිමි.එහෙත් මා නොදැන සිටි බොහෝදේ තිබූ බව මම පසුව දැනගතිමි. එවිට සිදුවිය යුතු සියලු ව්‍යවසනයන් සිදුවී හමාරය.මා මේ මොහොතේත් උමතුවෙන් මෙන් ඔබට ආදරය කරන බව මම දනිමි. ඒ උතුම් ආදරය, මේ පව්කාර ලෝකයා ඉදිරියේ දිග හරින්නට මට උවමනාවක් නැත. මා ඔබව විශ්වාස කල තරම, මා ඔබට උමතුවෙන් පෙම් කල තරම මා පමනක් දැන සිටියාට කම් නැත .හිතට දුක එබෙන්නේ, ඔබත් එය දැන දැනම, පහන් දැල්ලක් ඉදිරියේ එයට ආසාවෙන් පිලිස්සී මියයන පළගැටියෙකුගේ තත්වයට මා පත් කළ නිසාය. ජීවිතයේ අවසන් කඩයිම පැමිනෙන දෙස මම විස්සෝපයෙන් බලා සිටිමි. බලාපොරොත්තුවක් හීනයක් නොමැති සිතකට පවන් සලන්නේ මරණයේ රුදු වේදනාව බව මම දැන් දනිමි.ඉදින් කමක් නැත. සිතට එන සියලු දේ මෙහි කුරුටු ගාන්නට මම උත්සහා ගන්නෙමි. මගේ උත්සාහය සාර්ථක වේ දෝ දැයි මම නොදනිමි. ප්‍රේමියේ, හිදිනා තැනක ඔබ නිදුකින් හිදීවා. අදටත් මාගේ පරම පවිත්‍ර ප්‍රාර්ථනය එයයි. ඔබට යහපතක්ම වේවා”

රවිනාන් කරලියද්ද

ISBN
9789559750024
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිනැහෙන් රොබරෝසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.