හිරෝෂිමාවේ කඳුළු
දෙස්-විදෙස් අත්දැකීම් ඇති මාධ්‍යවේදී චන්දන විජේකෝන්, තම විෂය සීමා හා ඉන් පිටත විෂයන් පිළිබඳ කෘති පහක් ලියා පළ කැර ඇති අතර, “හිරෝෂිමාවේ කඳුළු” ඔහුගේ හයවැනි කෘතියයි.
මෙම කෘතිය අනුවර්තනයක් වන අතර, හිරෝෂිමාවට හෙළනු ලැබූ න්‍යෂ්ටික බෝම්බයට හසු වූ වින්දිතයන්ගේ අත්දැකීම් සමාජයට සම්ප්‍රේෂණය කරනු ලබන සන්නිවේදන මෙවලමකි.
චන්දන විජේකෝන්, කොළඹ සහ ශ්‍රී විජයවර්ධනපුර විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය නිම කැර ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයෙන් ජනමාධ්‍යවේදය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබාගත් වෘත්තීය මාධ්‍යවේදියෙකි. මහා බ්‍රිතාන්‍ය, ස්වීඩනය සහ ජර්මනිය ආදී රටවලදී පුවත්පත් කලාව පිළිබඳ න්‍යායිකව හා ප්‍රායෝගිකව පුහුණුව ලබා ඇති චන්දන විජේකෝන් දැනට “දිනමිණ” පුවත්පතේ කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සේවය කරයි.
ආචාර්ය ටියුඩර් වීරසිංහ
ශ්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.