හොල්මන

Special Price රු. 160.00 Regular Price රු. 200.00
In stock
SKU
holmana-sumana-kahawala-kathru-prakashana

ඉංගිරිය නගරයට ආසන්න ගාල්ලෙගම නම් කුඩා ගම්මානයක උපත ලද මගේ තාත්තා, සිය දරුවන් උස් මහත් වී වැඩෙත් ම සරුසාර වූ කෙත්වතු රබර් වතු මෙන්ම, පලබර වූ පොල්, පුවක්, කොස්, දෙල් ගසින් පිරි අම්මාගේ ගමට පැමිණියේ එහි ඇති භාව සම්පත්තිය පවුලේ පෝෂණයට වැදගත් වන නිසා ය. නමුත් අපට නම් එහි ඇති ඇල දොල, බඩවැටි, ඕවිටි, වෙල්, මඩ කඩිතිවල දුව පැන ඇවිද වෙරළු, හිඹුටු, මාදම්, බෝවිටි ගෙඩි කඩා කෑම සුරංගනා ලොවක පහස ගෙනා බව සැබෑ ය.

දිනපතා ඉංගිරියට වැඩට යන අපේ තාත්තා ආපසු ගෙදර එන්නේ රෑ අඳුරත් සමග ය. මේ මග දුවන බසය නැති විටෙක නම් සැතපුම් පහ හයක දුර ගෙවා තාත්තා කළුවරේම ගෙදරට ගොඩ වේ. හල් වතුර තොටුපලින් අඟුලේ නැගී එතරව, රබර් වතු යාය මැදින් වැටුණු ඝණ කළු තාර පාර දිගේ විත් සොහොන් පිටි තේ වතු පසු කර එන තාත්තාට රසබර වූ මං තොරතුරු බොහෝ ය. තේ කෝප්පය ගෙන මිටි බංකුවේ වාඩි වන තාත්තා අප වට කොට ගෙන ඒවා කියනුයේ සතුටිනි.

ආදර දුවේ පුතේ. ඒ සුන්දර අත්දැකීමක් ඔබටත් විඳගන්න මේ පොත් පිංචේ ලියා තබන්නම්.

මේ,

අත්තම්මා,

සුමනා කහවල

Author සුමනා කහවල - Sumana Kahawala (3)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9789554474017
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හොල්මන
Back to Top