Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හොල්මන

හොල්මන

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ඉංගිරිය නගරයට ආසන්න ගාල්ලෙගම නම් කුඩා ගම්මානයක උපත ලද මගේ තාත්තා, සිය දරුවන් උස් මහත් වී වැඩෙත් ම සරුසාර වූ කෙත්වතු රබර් වතු මෙන්ම, පලබර වූ පොල්, පුවක්, කොස්, දෙල් ගසින් පිරි අම්මාගේ ගමට පැමිණියේ එහි ඇති භාව සම්පත්තිය පවුලේ පෝෂණයට වැදගත් වන නිසා ය. නමුත් අපට නම් එහි ඇති ඇල දොල, බඩවැටි, ඕවිටි, වෙල්, මඩ කඩිතිවල දුව පැන ඇවිද වෙරළු, හිඹුටු, මාදම්, බෝවිටි ගෙඩි කඩා කෑම සුරංගනා ලොවක පහස ගෙනා බව සැබෑ ය.

දිනපතා ඉංගිරියට වැඩට යන අපේ තාත්තා ආපසු ගෙදර එන්නේ රෑ අඳුරත් සමග ය. මේ මග දුවන බසය නැති විටෙක නම් සැතපුම් පහ හයක දුර ගෙවා තාත්තා කළුවරේම ගෙදරට ගොඩ වේ. හල් වතුර තොටුපලින් අඟුලේ නැගී එතරව, රබර් වතු යාය මැදින් වැටුණු ඝණ කළු තාර පාර දිගේ විත් සොහොන් පිටි තේ වතු පසු කර එන තාත්තාට රසබර වූ මං තොරතුරු බොහෝ ය. තේ කෝප්පය ගෙන මිටි බංකුවේ වාඩි වන තාත්තා අප වට කොට ගෙන ඒවා කියනුයේ සතුටිනි.

ආදර දුවේ පුතේ. ඒ සුන්දර අත්දැකීමක් ඔබටත් විඳගන්න මේ පොත් පිංචේ ලියා තබන්නම්.

මේ,

අත්තම්මා,

සුමනා කහවල

ISBN
9789554474017
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හොල්මන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.