සුදු මනමාලි
කළුතර දිස්ත්‍රික්කයේ කළුගඟ ආශ්‍රිත ගම්මානයක උපත ලද මා සත් දෙනෙකුගෙන් යුත් පවුලක හතර වැන්නායි. මගේ අම්මාගේ මහ ගෙදර අපේද නිවහන වූයේ තාත්තා ගෙදරින් පිට ඈත පළාතක රැකියාව කළ නිසා ය. අම්මාගේ තාත්තාට ගෙදර තාත්තා කියාත් අම්මාගේ අම්මාට ගෙදර අම්මා කියාත්, ඇමතීමට අප පුරුදු වූයේ ඒ හේතුව නිසා විය හැක.
ගමේ ගහ කොළට සතා සිව්පාවාට පවුලේ සාමාජිකයන්ට මෙන්ම ලෙන්ගතු වූ අපි ඇලේ දොලේ පැන නෑමටත්, ලඳු කැළෑ පීරා ගඩා ගෙඩි කඩා කෑමටත්, ගං වතුරේ ඔරු පැදීමටත්, සෙල්ලම් ගෙවල් දැමීමටත් ගමේ ළමුන් හා එක් වීමු. හා
උස මහත හැඩි දැඩි සිරුරකින් යුත් ගෙදර තාත්තා අපට මෙන්ම ගමටත්, අවට ගම්වලටත් නැතිවම බැරි වැඩිහිටියෙකි. අසනීපයකට අත් බෙහෙතක් ලියා ගැනීමට, සුබ කටයුත්තක දී ආරක්ෂාවක් කර ගැනීමට, අමනුස්ස බැල්මක දී තෙල් බෙහෙත් ටිකක් මතුරා ගැනීමට බුලත් අතක් ගෙන ගෙදරට ගොඩ වෙන පිරිස බොහෝය. එවැනි අවස්ථා සඳහා ඔහු ගෙදරින් පිටව යන්නේ ද නැතුවා ම නොවේ. එසේ දුර ගමනක් ගොස් ආපසු පැමිණෙන ඔහු කෝට් බෑය හා මේස් බැනියම ගලවා බෝල කූඩුවේ එල්ලා ඉස්තෝප්පුවේ වූ හාන්සි පුටුව මත කෙටි නින්ද කට වැටෙයි. එවැනි අවස්ථාවල දී ගෙදර අම්මා ''කෑ ගහන්න එපා ළමයිනේ” කියමින් අප ගෙමිදුලෙන්
ඈතට එළවා හරියි. එහෙත් ගෙදර හදන බලු ජෝඩුව නම් ඔහු පය පාමුල වැටී නිදයි.
ගෙදර තාත්තා දුරක් ගිය විට අපි ගෙමිදුලේ හරක් මඩුවේ සෙල්ලම් කරන්නෙමු.
සුදු මනමාලි එවැනි දිනක සිදු වූ සත්‍ය අත් දැකීමකි. එම සුන්දර වූ අත්දැකීම්
ඔබටත් රස විඳීමට මේ පොත් පිංච තුළ ලියා තබමි.
මා ආදර මුණුබුරා, මිණිබිරිය, එදා ඇලේ දොලේ වෙල් එළියේ,
වන ලැහැබේ, ගං වතුරේ අප ලැබූ අත්දැකීම් ඔබට විඳින්නට නැති වූවත්,
මේ පොත් පිංච හොඳින් කියවා ඒ සිදුවීම මනසින් විඳගන්න. ඒක මට
සතුටක්. මම ඔබට ආදරෙයි.
අත්තම්මා
සුමනා කහවල
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.