හුදෙකලා වූ මිනිහෙක්
මෙය "හුදෙකලා වූ මිනිහෙක්" කෙටිකතා සංග්‍රහයේ තෙවැනි මුද්‍රණය යි. කෙටිකතා කලාවේ ශිල්පීය ලක්ෂණ මෙන් ම කලාත්මක ගුණය ද සුරකිමින්, සමාජ යථාර්ථය තුළ කැටි වූ ගැඹුරු සත්‍යයන් ප්‍රතිනිර්මාණය කිරීමේ ස්වාධීන රීතියක් අනුගමනය කරන ලේඛකයකු ලෙස මෙම කෙටිකතාකරුවා විචාරකයන් ගේ පැසසුමට ලක් වී සිටී.
"හුදෙකලා වූ මිනිහෙක්" ගැන ප්‍රකට විචාරකයකු හා කවියකු වන ආරියවංශ රණවීර මෙසේ සඳහන් කරයි: "ඔහු ගේ කෙටිකතා සමුච්චය ම විමසන විට, මා දකින එක් වැදගත් වර්ධනයක් නම් ඔහු චෙකොෆ් ප්‍රමුඛ වූ, අන්තයක් කරා යන කෙටිකතා ව්‍යුහයෙන්, උපස්තිථිවාදී තලයට අවතීර්ණ වෙමින් සිටින නිර්මාණ කරුවකු ලෙස යි. වෙනත් විදියකට කිවහොත්, ඔහු යථාර්ථවාදී රීතිය ඉක්මවමින් සිටී. ''තනිමලක්'' එයට හොඳ උදාහරණයකි." ("සිළුමිණ", 07.10.22.)
කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසූරිය ස්වකීය 'සිංහල කෙටිකතා අධ්‍යයනය' නමැති ග්‍රන්ථයෙහි ලා කරන විග්‍රහයකි මේ: "මෙයින් "හුදෙකලා වූ මිනිසෙක්" නම් වූ සංග්‍රහයේ කතා ඔහු ගේ කෙටිකතාවල ප්‍රබලතා ඉතා මැනවින් විදහා දක්වයි. කතාවක කලාත්මක සන්දර්භය ගැන දක්වන අවධානය ප්‍රශස්ත ය. බස හැසිරවීම, අවස්ථා හා සිද්ධි නිරූපණය කතාවේ කලාත්මක ගැඹුර සඳහා නිසි අයුරින් ඉවහල් වෙයි."
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.