Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අයිස් කැට වැටෙන කාලය

අයිස් කැට වැටෙන කාලය

ප්‍රකාශක (Publisher): Soi 11
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
විනාඩි විස්කට පමණ පසුව ,සැලකිය යුතු මට්ටමක මජං නාගෙන , මවාගත් ඇල්ෆා මේල් ආඩම්බරයකින් යුතුව ඔහු ඇතුලට ආවේය.පැරණි ඉංග්‍රීසි කෙිමඩි චිත්‍රපටියක නළුවෙකු බඳු ඔහුගේ රුව දුටු විට ඇයට සිට්‍රනය ගැනදැනගන්නට ආශාවක් ඇතිවිය.එහෙත් ඔහුගේ දෑසේ ලියවි තිබුණේ කෙල්ලන්ට කාර් ගැන කියා දෙන්නට ලැබෙන විට කාර් පිස්සුව ඇති හිච්චි කොල්ලන් තුළ ඇතිවන ආකාරයේ 'මෙහෙම එකක් නම් හා අම්මේ' ජාතියෙ හැඟුම් පේලියක් නොව අනාගතයට බියෙන් අතීතයේ එල්ලීගෙන වර්තමානය බෙට්ටක් වසන පූසෙකු මෙන් හංගන්නට දගලන මනුස්ස ප්‍රාණියෙකුගේ භිතියේ යාතිකා ගීතිකාවකි. ඊට පෙර කිසි දිනෙක ඔහුගේ දෑස එවැනි ගීතිකාවක් ඇලවී තිබෙනු ඇය දැක නොතිබීණි.ඇගේ සිතේ යළිත් අර තේරුම්ගත නොහැකි බලාපොරොත්තුවක් වැනි හැඟීම ඇති විය. "ඔයා ඩ්‍රයිවින් ඉගෙනගන්න කැමතිනම් ස්ටීවන් ලොක්කා මයාට උගන්නන්නම් කීවා...." ඔහු රහසක් සහ නොරහසක් අතර දෙයක් කියන්නාක් බඳු හඬකින් කීවේ ය. ඇය allmost literally උඩ ගියාය. "ස්ටීවන් ලොක්කා...??? ඩ්‍රයිවින් ...??? මට ...???" "ඔවු...කාර් එක උන්දැගේ .මට ගන්න කීවා.මම ගත්තා..." ඔහු කීවේ එක්තරා වරදකාරි ටෝන් එකක් සහිතවය.එය ඇසුණු සැණින් ඇයගේ සිතට නැඟුනේ ස්ටීවන්මහල්ලා සතුව කාර් එකක් තබා පිටටු බම්බුවක් වත් තිබෙනු තමන් දැක නැති බව නොවේ.හැමදාම අයිස් කැට වැටෙන කාලයට අහක යන අකුණක් සේ තමන්ගේ ලෝකයට පතබෑවි, අයිස් කැට දියවෙන්නටත් කලින් අතුරුදන් වන ඔහු කාර් එකක් මිලදී ගත්තේ ඇයිද යන්නය.
ISBN
9789553538031
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අයිස් කැට වැටෙන කාලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.