Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Poetry - කාව්‍ය / ඉඳුදුන්න නැමුණු තැන - කාව්‍ය සංග්‍රහය

ඉඳුදුන්න නැමුණු තැන - කාව්‍ය සංග්‍රහය

About this book

අහස් ගඟ පසු කරන

මන්දර පව් ඔබින්

ඉඳු දුන්න නැමෙන තැන

සුන්දර ම තැන මෙතැන

 

නැඟ ගතිමි එහි තුඩට

නැරඹුයෙමි තරු ආර

සෙවූයෙමි ජීවිතය...

ඔබේ ඇස් ප්‍රදිප්ත ව

අහසේ දිදුලනා යුර

 

යශෝධාවට වඩා

යශෝධා ඒ ඔබ ය

දරා අත අහර පැස

විඳ දරා රිදුම් පෙළ

ඔබ හිදී..

සයනයේ පාමුලක

විපිළිසර වතැති ව

 

නමුදු අප අතර දැන්

අවපස සඳ නැඟේ

ඒ අඞුව අතැරලා

ඉරු සඳුට හිස නමමු,

එදාටත් වඩා අද

තැවුල් පත් කුමරියනි

Details
ISBN
9786246625016
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඉඳුදුන්න නැමුණු තැන - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.