Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉන්දීය නර්තන ලාලිත්‍ය

ඉන්දීය නර්තන ලාලිත්‍ය Hard Bind

About this book

ළමා වියේදී භරත නාට්‍යම් විෂයය කෙරෙහි ඇල්මක් ඇතිකරගත් ප්‍රීති ගනේගොඩ තම නර්තන අධ්‍යයනය ආරම්භ කළේ අනූෂා කුලසිංහම් ආචාර්යවරියගෙනි. ඇගේ අසපුවෙහි ශාස්ත්‍ර හදාරා අරංගේත්‍රම් රංගනය ඉදිරිපත් කොට පසුව කලාශූරී වාසුගී ෂන්මුගම් ජගදීශ්වරන් ආචාර්ය වරියගෙන් ද කලාශූරී ජෙයලක්ෂ්මී කන්දයියා ආචාර්ය වරියගෙන්ද තදන්තරව භාරතයෙහි ආචාර්යවර අඩයාර් කේ. ලක්ෂ්මණන් හා ස්වාමිමලෙයි කේ. රාජත්නම් පිල්ලෙයි ඝරානා ගුරුකුල පද්ධතියට අවතීර්ණව නර්තනය පිළිබඳ සංකීර්ණතා ප්‍රගුණ කළාය. පසුව තම ඥාන ධනය යෞවන යෞවනියන්ට බෙදාදෙමින් ක්‍රියාකළ ප්‍රීති ප්‍රේම පූජා මුද්‍රා නාටකයේද රංගනය සහ නර්තනය අධ්‍යක්‍ෂණය කළාය.

ඇය ලියා ඇති මේ ඉන්දීය නර්තන ලාලිත්‍ය නම් කෘතිය අවුරුදු හතක් පමණ දුෂ්කර ක්‍රියාකොට පොත පත කියවා ලබාගත් ශාස්ත්‍රීය දැනුම මෙරට නර්තනකාමී සිංහල කියවන විද්‍යාර්ථින්ට ප්‍රදානය කිරීම පිණිස කරන ලද්දකි. ඇය මෙහි ඉදිරිපත්කර ඇති බොහෝ කරුණු රූප සටහන් මගින් ද විශද කර ඇත. භාරතීය නර්තන පද්ධති ගැන ප්‍රායෝගික අධ්‍යාපනය ලබන පිරිසට සෛධ්‍යාන්තික නිවැරදි දැනුම ද ලබා ගැනීමට මෙම කෘතිය ඉවහල් වේ.

ISBN
9552056170
පිටු ගණන (Pages)
435
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉන්දීය නර්තන ලාලිත්‍ය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.