ඉසිදාසි
"ගෑනියෙක් හිමකිරමක් වගේ දියවෙන්නේ
ඒ ගෑනිගෙ පපුවට දැනෙන්න ආදරේ කරන
උණුසුම් හිතක් තියෙන පිරිමියෙක්ගෙ අසීමිත ආදරේ
ළඟදි විතරයි සුධීර...
ඔයා රත්තරන් කූඩුවක් හදලා
මාව ඒක ඇතුළෙ හිරකරලා
ඔයාට ඕන ඕන විදිහට ජීවිතේ විඳිද්දි
අපි දෙන්නගෙ හිත් අතරෙ කොන්ක්‍රීට් තාප්පයක් හැදුණා.
මම ඔයාගෙ කූඩුවෙන් ඉගිලුණේ නිදහස හොයාගෙන නෙවෙයි,
මට නොලැබුණු ආදරේ හොයාගෙන..."
"මගෙ පළවෙනි ආදරෙත් අන්තිම ආදරෙත් ඔයයි තිමිර...
ඒ හින්දම ඔයාගෙ හැම දුකක්ම මගේ කරගෙන...
මගෙ ජීවිතේ ඔයාගෙ හිත් පාමුල තියන්න
දැන්වත් මට ඉඩ දෙන්න.
දුකම විඳපු හිතේ ගිනි රස්නෙට
බටර් වගේ දියැවි දියැවි ජීවිතේ දරාගන්න වගේම
රස්නෙ වැඩිවෙන්න වැඩිවෙන්න
බිත්තරයක් වගේ ගල් ගැහිලා
ඒ දුකට හුරුවෙන්නත් මට පුළුවන්.
මගේ හිත මෘදුවෙන්නෙ ඔය ආදරේ ළඟදි විතරයි.
ඉතින් දියවෙන්න දෙන්න
මට ඔය උණුහුම් පපුතුරේ..."
දුෂාන්ත්‍යා සමරදිවාකර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.