ඉතිහාසය ප්‍රශ්නෝත්තර - 8 ශ්‍රේණිය
මෙම ග්‍රන්ථ මාලාව මා විසින් සකස් කරන ලද්දේ සිසුන්ගේ ඉලක්කයට පිළිතුරු ලිවීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වන ආකාරයටය. එසේම මෙම ග්‍රන්ථ මාලාවේ ඇතුලත් කර ඇති කරුණු විෂය නිර්දේශයේ ඇති සීමාව තුල පමණක් පවතී. බාහිර වැල්වටාරම් මෙහි අඩංගු නොවේ. මෙම ග්‍රන්ථ මාලාව 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි තෙක්ම ඔබගේ දරුවාගේ අධ්‍යාපන ගමනට නිවැරදි අත්වැලක් සපයනවා නියතය. එසේම මා මෙහි පුහුණු කරන ආකාරයට ඉලක්කයට පිළිතුරු ලිවීමට දරුවා හුරුකිරීම තුලින් දරුවාගේ අවසාන අධ්‍යාපන ඉලක්කය වන අ.පො.ස උ/පෙළ විභාගය සඳහා ද අවශ්‍ය ආකාරයට ලකුණු පටිපාටියට අනුව නිවැරදි පිළිතුරු ලිවීමට ඔබගේ දරුවා හැඩගන්වාගත හැක.
මෙම ග්‍රන්ථ මාලාව ඉදිරිපත් කර ඇත්තේ පෙළ පොතට අනුගතවය. පෙළපොතෙහි සෑම ඒකකයකට අඩංගු දැනුමේ සමස්ථ සාරාංශය ප්‍රශ්න තුලින් ඉදිරිපත් කර ඇත. මෙම ග්‍රන්ථ වල ඉදිරිපත් කර ඇති ප්‍රශ්න හා පිළිතුරු නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් වාර විභාග සඳහා අවශ්‍ය ඉහළ සාධන මට්ටමට ලඟාවීමට ඔබට හැකියාව ලැබෙන බව ස්ථීරය.
සෑම ඒකකයකම අඩංගු සියළුම කරුණු ප්‍රශ්න මගින් ආවරණය කෙරේ.
සියළුම ප්‍රශ්න සඳහා පිළිතුරු ඇතුලත් ය.
පාඩමෙහි සමස්ත සාරාංශයම අඩංගු ය.
පෙළපොතට අත් පොතකි.
වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඇතුලත් ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.