Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ජෑෆ්නාදරය

ජෑෆ්නාදරය

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ප්‍රිසිලා ගොඩහේවා මහත්මියගේ "ජෑෆ්නාදරය" නවකතාව කියවා බැලීමේ අවස්ථාව මට ලැබිණ. එහි කථා බීජයත් කතාව දිගහැරී ඇති ආකරයත් අදාල චරිත නිරූපනය කර ඇති අකාරයත් ඇගේ ප්‍රතිභාපූර්ණ බවත් නිර්මාණාත්මක හැකියාවත් මැනවින් පෙන්නුම් කරතැයි සිතේ.

ලලිතා සහ රමේශ් නැමැති ජාතීන් දෙකක, ආගම් දෙකක ආදරවන්තයන් දෙදෙනෙකුගේ කතා පුවතක් මින් ඉදිරිපත් වේ. අධිශ්ඨානයත්, අප්‍රතිහත ධෛර්යත් සත්‍ය ආදරයක් තුලින් ජීවිතයත් ආදරයත් ජය ගතහැකි බව මේ දෙදෙනා පෙන්නුම් කරති. 21 වන සියවසේ සිදුවන සමාජ, ආර්ථික, සංස්කෘතික පෙරලීන් හා බද්ධ වන සේ කලාත්මකව හා සියුම්ලෙස චරිත හසුරුවන්නට ගත් ආයාසය සාර්ථක වී ඇතැයි කිවයුතුය.

වර්ගවාදීව හා ආගම්වාදීව කුළල් කාගන්නා මිනිසුන්ගෙන් පිරි ලොවක ඉන් මිදී සාර්ථක ජීවිත ගතකරන මිනිසුන් දකිනු රිසිනට මෙබඳු පොත් අමා මිහිරක් වනු නොඅනුමානය.

                            මහාචාර්ය

                            ෂෙල්ටන් පීරිස්

                            සිඩ්නි ශ්‍රී ලංකා ලේඛක සන්ගමයේ ලේකම්

 

Details
ISBN
9789553993113
පිටු ගණන (Pages)
109
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ජෑෆ්නාදරය

Reviews are published once a member of our team has read them.