Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජේන් අයර් - ආශිර්වාද

ජේන් අයර් - ආශිර්වාද

About this book

චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් - අයර්’ ලෝකයේ ජනප්‍රියම ප්‍රේම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි.

ජේන් අයර් යනු තරුණ ඉංග්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත්‍යා කථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඩ් මන්දිරයේ හිමිකරු ඔහු ය.

ඇය නිවුණු, ලජ්ජාශීලී, පීඩිත එහෙත් යටත් කළ නොහැකි, ස්ථිර විශ්වාසයකින් යුතු තැනැත්තියකි. ඇයට සත්‍යයක් යයි හැඟෙන අවස්ථාවල බිහිසුණු ලෙස මෙන්ම දැඩි ඇල්මකින් ද යුතුව කටයුතු කරන්නියකි. ජේන් ඉතා උසස් ගතිපැවතුම් සහිත වීරවරියකි. ඇයගේ වයසේ හැටියට උද්දීපිත චරිතයකි. දැඩි සදාචාරාත්මක සම්මතයන් නියෝජනය වෙන මූර්තියකි. ඇයගේ චරිතය වසර 165කට පසුව වුවත් අද වෙසෙන සෑම යුවතියකටම, විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරියයන්ට ද මහඟු ආදර්ශයකි.

මෙම විශිෂ්ට කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙහි 1897 මුද්‍රණය සඳහා එෆ්.එච්. ටවුන්සෙන්ඩ් විසින් අඳින ලද රේඛා චිත්‍ර ද ඇතුළත්ය.

Details
ISBN
9789550171873
පිටු ගණන (Pages)
471
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Readers also bought
Write a review

You're reviewing: ජේන් අයර් - ආශිර්වාද

Reviews are published once a member of our team has read them.