Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

About this book

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදුවුයේ සහ ශේෂ වුයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබඳ සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්වීන ලෙස පරිහරණය වුයේය.

ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත *ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය” කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වු සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමුවැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්‍රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය ( investigative journalism) ප්‍රවේශයයි.

කතාංග ප්‍රවේශය සඳහා ඔහු මෙම සිද්ධියේ අතීතය සහ වර්තමාන යථාර්ථය පිළිබඳව ලිවීමේදී ජාතක කතා සාහිත්‍යයේ න්‍යායික පරිකල්පන ලකුණ භාවිතා කරන අතර ගර්භාෂ යුද්ධයේ දේශපාලන දිශානතිය පිළිබඳ විමසීමේදී ජනමාධ්‍යයේ ගවේෂණශීලි ලකුණ අභ්‍යාස කරයි. සාෆි වෛද්‍යවරයා උධෘත කරගෙන සිංහල ජාතිවාදය විසින් ඇති කළ ගින්නෙන් සමස්ත සමාජයම පිළිස්සී යෑම මෙන්ම ඊට අනුබද්ධිත අගතිගාමී දේශපාලන රැල්ලට එ’ ගිණි ඉවහල් වුවා මිස තම අනෙකා පිළිබඳ එකී ප්‍රතිවිරෝධයෙන් සමාජ යහපතක් හෝ යුක්තියක් උදා වුයේ නැත.ප්‍රමාද වී හෝ එ’ ගිණි තුනී කළ යුතු බව තේරුම් ගත් සමාජයක් හැටියට සිංහල මහ ජාතිය මේ පිළිබඳව භාව විරේචනයක් කළ යුතුව ඇත. "ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය” කෘතිය මඟින් නිමල් අබේසිංහ එම වේදිකාව සිංහල සමාජයට තනා දී ඇති බවත් අවධාරණය කරමි.

ISBN
9786249919419
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.