Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කළණ මිතුරෝ
About this book

විනීගේ හොඳම මිතුරිය වූ ඉගී සහ ඇගේ පවුලේ අය ඔවුන් සිටි නිවෙස පමණක් නොව රටද අතහැර ජපානයට යති. ඔවුන්ගේ නිවෙසට අලුතින් පැමිණි ගාබර් පවුලට අසල්වැසියන්, විශේෂයෙන්ම විසප්පු

නෝනා නමින් විනී විසින් හඳුන්වනු ලබන ලැන්ඩන් මහත්මිය සහ ඇගේ දියණිය, විනීන්ගේ භාෂාවෙන් විසප්පු කුමාරි ඇතුළු සමාජයෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. ඒ, ඔවුන්ගේ සමේ වර්ණය වෙනස් වූ නිසාය. විසප්පු

නෝනාගේ පෙත්සම්, කැලෑපත්තර මෙන්ම ගෙන් ගෙට ගොස් ගාබ පිටුදැකීමට අසල්වාසීන් උසිගන්වද්දී, විනී ඇයට කළ හැකි පමණින් ගාබර් පවුලේ දරුවන්ට අලුත් පරිසරය සහ සමාජය හඳුන්වා දීමටත්,තම මිත්‍රත්වය ලබා දීමටත්, කරුණාවන්ත වීමට සහ සාධාරණත්වය ලබා දීමටත් කටයුතු කරයි. ඇත්තටම විනි. කියන්නේ පහේ පන්තියේ සිටින පොඩින්නියක්. ඇය වර්ගවාදය සහ සමාජ අගතීන් හමුවේ තම නව මිතුරන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට පෙරමුණ ගන්නා ආකාරය අපූරුය. මෙය සාධාරණත්වය, සහකම්පනය මෙන්ම වෙනස්කම්වලට ගරු කිරීමේ වැදගත්කම ළමා මනසට මෙන්ම වැඩිහිටියන්ටද පසක් කරවන සංවේදී නිර්මාණයකි.

ISBN
9786246585747
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළණ මිතුරෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.