කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය
අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත A Brief History of time, නම් මාහැගි ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනය, ‛කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය' නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප්‍රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවීගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් ඉක්බිති නිව්ටන්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආරම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත්‍ර වූ කාලයට ආරම්භයක් තිබේ ද? කාලය තුළ ආපසු ගමන් කළ හැකි ද ? විශ්වය අපරිමිත වන්නේද? එයට සීමාවන් තිබේ ද? යනාදී වශයෙන් පැන නැගී ඇති ප්‍රශ්න ග්‍රන්ථය තුළ අවධානයට ලක් වන ප්‍රශ්න අතුරෙන් කිහිපයක් පමණි. විද්‍යාත්මක සංහිතාව තුළ මුඛ්‍ය ග්‍රන්ථයක් ලෙස පෙනී සිටිමින් ලුහුඬු සුපැහැදිලි බසකින් විශ්වය සහ එහි අරුමයන් මිලියන ගණනක් ලෝක වාසීන්ට හඳුන්වා දීම අවිච්ඡින්නව ඉටු කරනු ඇත.
මෙම ග්‍රන්ථය, දරුවෙකු ගේ විස්මිත ලෝකය ධී මතෙකු ගේ නැණැස සමග යා කරයි. හෝකින් ගේ ආශ්චර්යමත් මනසේ චමත්කාරය විඳිමින් අපි ඔහු ගේ විශ්වය තුල සැරිසරමු.
සන්ඩේ ටයිම්ස්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.