Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / කළු රංජිත් සුදු මිනිසෙකි

කළු රංජිත් සුදු මිනිසෙකි

About this book
කළු රංජිත් සුදු මිනිසෙකි ශාන්තුවර කළු රංජි මේ ගැන කියන්නට ගොස් කට පුරවා ගැනීමට හෝ ලියන්නට ගොස් අත පුච්චා ගැනීමට මට හදිස්සියක් නැත. මන්දයත් මේ කෘතිය කළු රංජි ගැන ය. කළු යනු හමේ වර්ණයක් නොව දේශපාලනික වර්ණයක් ලෙස අප තේරුම් ගත යුතු බැවින් ‘කළු රංජිට’ වෙනත් වර්ණ ආදේශ කර ලියැවෙන කවිවලට හෝ පටන් පාඨවලට මා එකඟ නැත. ඡවි කල්‍යාණිය කළු වුව හෘද කල්‍යාණිය සුදු යැයි කියැවෙන විට ම අප මෙම දේශපාලන සන්දර්භයේ ගොදුරු බවට පත්වේ. කළු යනු කළු මිස, දුඹුරු, රන්වන් හෝ සුදු නොවේ. කළු පැහැය වෙනුවට සුදු පැහැය උත්කර්ෂයට නැංවෙන යටති විජිත්කරණය වූ සමාජ අවිඥානය විසින් ‘කළු රංජි’ ගොදුරු කෙරෙනවාට දේශපාලනිකව විරුද්ධ ය. සුදු හදවත හෝ රන් හදවත කියනවාට වඩා එය ‘කළු රංජිගේ හදවත’ යැයි කීම ම සෑහේ. අනාගත දිනෙක අහම්බෙන් පහළ විය හැකි සුධිමතකුගේ හදවත කවරාකාර දැයි කියන්නට මෙසේ කිව හැකි ය. “අර බලන් ලෙළදෙන කළු රංජිමය හදවත” මෙම පරිභෝජනවාදි සමාජ යාන්ත්‍රණය යළි එවන් මිනිසුන් එහි නොකරන බව මම සිතමි. නමුත් කළු රංජි විසින් ආවේශ ගන්වනු ලබන්නේ එවන් මිනිසුන් බහිවන සමාජයක් නිර්මාණය කළ යුතු බවට ය. ‘කළු රංජි’ මහා සමාජ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරම් බර මිනිසෙකි. ‘කළු රංජි’ යනු ආගමකි. ඇදහිය යුතු මිනිසෙකි. අනාගතයේ දවසක සුරුවමකි. ශාන්තුවර කළු රංජි ය. ‘ඔනාසීස්’ යනු කළු රංජි වෙනුවෙන් පටබැඳි තවත් නමෙකි. ඉදින්, මම ‘බත්තලංගුණ්ඩුව’ නවකතාවේ ලියූ වැකියක් යළි ඔහු වෙනුවෙන් මෙසේ උපුටනය කරමි. ‘ඔනාසීස්’ බුද්ධාගමේ කරුමෙට හරි ආගමේ වුණා නම් මේ මේ වෙනකොටත් ශෘන්තුවරයෙක් විදියට නම් කරලා.’
ISBN
9789557283685
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු රංජිත් සුදු මිනිසෙකි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.