කමොගවා
කාමොගවේ කෑම රහස් පරීක්ෂකයෝ නවකතාව අහම්බෙන් මෙන් මට කියවන්නට ලැබී එහි එහි ඇති අපූර්වත්වය නිසාම කොටසක් පරිවර්තනය කළෙමි. එම කොටස මුහුණුපොතට එකතු කළ විට ලැබුණු ප්‍රතිචාර ඉමහත්ය. නූතන ජපන් සාහිත්‍යය, විශේෂයෙන්ම මුරකමිගෙන් පසුව බටහිර පාඨක ප්‍රජාව ඉමහත් සතුටින් වැලඳගන්නා ප්‍රවණතාවයක් දකින්නට ඇත. මෑත කාලීනව ඉංග්‍රීසියට පරිවර්තනය වූ බොහෝ ජපන් කෘති ආදායම් වාර්තා තබමින් අලෙවි විය.
මෙම කෘතිය පාදක වන්නේ කියෝතෝවේ පිහිටි කමොගවා නම් කෑම පිළිබඳ රහස් පරීක්ෂණ කටයුතු කරන ආයතනයකි. මෙම ආයතනය වෙත යන ඔබට අතීතයේදී ඔබ ආහාරයට ගත් රසවත් ආහාරයක් නැවත ඒ රසයෙන්ම නිර්මාණය කරගැනීමට හැකියාව ඇත.
බැලූ බැල්මට මෙය කෑම සම්බන්ධ පොතක් ලෙස කෙනෙකුට පෙනි යා හැකි වුවත්, මේ කතාවලදී අපට හමු වන චරිතවලට සම්බන්ධ ආහාර වට්ටෝරු යනු නිකන්ම වට්ටෝරු නොවන බව පොත කියවන ඔබට හැඟීයනු ඇත. ඒ හා සබැඳුණු ආත්මීය හමුවීම්වල කතන්දර ඔබට කමොගවේ කෑම රහස් පරීක්ෂකයෝ කෘතියෙන් හමු වනු ඇත. ඒ ඇතැම් කතන්දරයක් ඔබටද සමීප වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.