ඔකිගහරා
ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටා තිබෙන ගෝල්ඩන් ගේට් පාලම හැරුණු විට ලොව වැඩිම සියදිවි නසාගැනීම් අනුපාතයකට හිමිකම් කියන්නේ ජපානයේ ඔකිගහරා වනාන්තරයයි. ලේඛිකා පොසිකා රණසිංහ තම අලුත්ම කෘතියට පසුබිම් කරගෙන ඇත්තේ ඉහත සඳහන් කළ මරණයේ වනාන්තරයයි. ඉපැරණි ජපන් මිත්‍යා කතා සමඟ පැරණි සටන් කලාව හා බැඳුණු ජපන් ඉතිහාසය ද මනාව ගලපමින් ඇය මේ කෘතිය රචනා කර ඇත.
පොසිකා මෙතෙක් රචිත කෘතිවලින් තම පරිකල්පන හැකියාව කදිමට පෙන්නුම් කිරීමට සමත් වූවා ය. ඒ කෘති සියල්ල පාඨක ආකර්ෂණය නොමදව දිනා ගැනීමට සමත් වූයේ ද සත්‍යයත්, ප්‍රබන්ධයත් මනාව සංකලනය කිරීමට ඇය සතු සුවිශේෂ හැකියාව නිසා ය. මෙම කෘතිය තුළින් ද ජනප්‍රවාද, මිත්‍යා මත සහ පාරම්පරික අභිචාර විධි නූතනය හා මනාව ගලපමින් අපූර්ව ප්‍රබන්ධයක් ඉදිරිපත් කිරීමට ඇය සමත් ව ඇත.
ලේඛිකාවක් ලෙස තමා විසින් රචිත කෘති ත්‍රිත්වයෙන් ම ලේඛන කලාවේ දිගු ගමනක පෙරනිමිති දැනටමත් පෙන්වා ඇති පොසිකා රණසිංත ඇගේ අලුත්ම නිර්මාණය තුළින් ද ඇය සතු ප්‍රතිභාව මනාව විශද කර ඇත.
“මම ඔබට අනතුරු අඟවනවා. එහි ඇතුළු වෙන්න එපා!.” එම අනතුරු ඇඟවීම කුමක් ද?
එය දැනගැනීමට නම් ඔබත් මරණයේ වනාන්තරයට පිවිසිය යුතු ම ය.
මංජුල දිසානායක - (ප්‍රවීණ ලේඛක සත පරිවර්තක)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.