කඳුයාය ආපසු හැරී බැලුවේ ම නැත
දිගු කලක් පූර්ණකාලීන ව පුවත්පත් කලාවෙහි නියැළීමට තරම් ඔහු ලිවීමේ කලාවට පෙම් බැන්දේ ය.
අප සහෘද හිතවතා කවිය අත නොහැර දිගු කලක් තිස්සේ කාව්‍යකරණයෙහි නියැළී සිටීම සතුට දනවන්නකි.
කවියා කිසියම් තෝරාගත් කාව්‍ය රීතියක සිර නොවී නිදහස් මනසින් කටයුතු කරන්නකු බව දැනේ.
ප්‍රේමය ප්‍රස්තූත කරගෙන කීර්ති ලියන කවි ද සෞන්දර්යයෙන් අනූන ය.
කීර්තිගේ කාව්‍යාවලිය පුරාම දිවයන සෞන්දර්ය ප්‍රවාහය ජීවිතයට සමීප වෙයි. මෙය මිනිස් දිවියෙන් වියෝ වූවක් නොව ජීවිතයෙහි ම පිළිබිඹුවකි. හොඳ කවියකු සතු විය යුතු අව්‍යාජත්වය, නම්‍යශීලී බව කීර්තිගේ කාව්‍ය චාරිකාවෙන් ද දැනේ.
මට හැඟෙන්නේ බොහෝ කාලයක් මිනිස් සමාජයෙහි ද, මාධ්‍ය සහ සංස්කෘතික ක්‍රියාකාරකම්හි ද සැරිසැරීමෙන් ලද අත්දැකීම් සමුදාය - කාව්‍ය ප්‍රවාහයක් ව කීර්තින්ගේ පන්හිඳට අලුත් පණක් දෙන්නට පටන් ගෙන ඇති බව ය.
කීර්ති එස් කුමාරට සුබ පැතුම්.!
තිඹිරියාගම බණ්ඩාර
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.