Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කාන්තාවන්ට පමණයි

කාන්තාවන්ට පමණයි

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ? අබිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්.

නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.

කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙනවා.

ජානකී; ආදරයට පාත්‍ර වූ බිරිඳ සහ අවුලට පත් වූ මව.

මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරිය.

ප්‍රභා දේවි; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ.

ශීලා; අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරිය.

මාරික්කොලොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය. ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අධිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොඑසේනම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?

ISBN
9786242042497
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාන්තාවන්ට පමණයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.