කර්මක්ෂ
පළමු කෙටිකතාව කියවූ විගස දෙවැන්නට ඇස යන, දෙවැන්න කියවූ විගස තෙවැන්න කුමක් වනු ඇද්දැයි සිත තුළ කුතුහලය නළියන අන්දමේ ආකර්ශනීය කෙටිකතා එකතුවකි. තේමාවන් විවිධය. විචිත්‍රය. කතාව සැහැල්ලුවෙන් කුඨප්‍රාප්තියට ළඟාවන නමුත් දෘෂ්ටිය ගැඹුරුය. මනහර යෙදුම්, උපමා, උපමේය, සංකේත භාවිතය ඇගේ නැවුම් රචනා විලාසය තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. සමාජ හැලහැප්පීම්, ජීවන විෂමතා හා සංකීර්ණ මානව සබඳතා මෙම කෙටිකතාව තුළ කැටපතක ප්‍රතිබිම්බ ගතවන්නා සේය, හාස්‍ය, ආදරය, උපහාසය, කරුණාව, අනුකම්පාව ආදී චිත්ත වේග අවදිකරමින් පාඨකයා සනහන, නළවන, හඬන විරල ප්‍රතිභාවක් සතු කෙටිකතාකාරියක කර්මක්ෂ තුළින් කරළියට පැමිණ ඇති බව නොවලහා කිව යුතුය.
දහනව වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන
උළෙල 2017
සමාප්ති සටහන් ග්‍රන්ථයේ වූ නිර්දේශිත කෘති පිළිබඳ සංක්ෂිප්ත සටහනෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.