කාර්යාල කළමනාකරණය සහ කාර්යාල ක්‍රම - ගොඩගේ
ඒ. එච්. ගමගේ මහතා විද්‍යෝන්දය විශ්වවිද්‍යාලයේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) සිංහල ගෞරව උපාධිය හදාරා 1974 දී ඉහළ දෙවන පෙළ සාමර්ථ්‍යයක් සහිතව සමත් විය. අනතුරුව ලංකා බැංකුවේ උපකළමනාකරුවකු වශයෙන් වසර තුනක් සේවය කර, 1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට බැඳී උපදිසාපතිවරයකු, සහකාර ආගමන විගමන පාලකවරයකු, ප්‍රාදේශීය ලේකම්වරයකු හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු හා ආයතන අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කොට, රාජ්‍ය සේවයේ විවිධ අංශවල පරිපාලන කටයුතු පිළිබඳ මනා අත්දැකීම් ඇතිව දැනට බස්නාහිර පළාත් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කරයි.
ඔහු රාජ්‍ය සේවයේ නිරතව සිටියදී කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවකු වශයෙන් නීතිවේදී උපාධිය හදාරා 1989 දී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන්නේය. 1993 - 1995 දක්වා කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්වල වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, ශාස්ත්‍රපති උපාධිය ද විශිෂ්ඨ සම්මාන සහිතව සමත් විය.
මුල් කාලයේ සිටම බස්නාහිර පළාත් සභාවේ පුහුණු ඒකකයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයකු වශයෙන් කටයුතු කරන ඔහු, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ බාහිර උපදේශකයකු වශයෙන් ද කටයුතු කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ආරාධිත කථිකාචාර්යවරයකු වශයෙන් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පරිපාලන නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරන ඔහු, රාජ්‍ය සේවයේ විභාග සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්‍ෂකවරයකු වශයෙන් ද කටයුතු කරයි.
කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික දැනීමත්, ආයතනික දැනීමත්, මනා අවබෝධයත් ඇති රාජ්‍ය සේවයේ උසස් නිලධාරියකු වශයෙන් කටයුතු කරන ඒ. එච්. ගමගේ මහතා අතින් සැකසුණු මේ පොත කළමනාකරණය පිළිබඳව අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මෙන්ම රාජ්‍ය සේවයේ නිරත අයට ද තම දැනුම දියුණු කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.