Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාසි

කාසි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කාසිවලට සිත් නැත.

කාසිවලට ඇස් නැත.

කාසියකට කථා කරන්නටද නොහැක.

කාසියකට මොනවද කරන්න පුළුවන්?

“ඒත් ඒ මිනිස්සු හිතන හැටි” රන් කීවේය.

“ඔයා ඇසුරු කරන්න වටින කෙනෙක්” රිදී කීවාය.

“ඔයා හොඳ කෙනෙක් කියල මටත් හිතෙනවා. මම ඔයාට කැමතියි.”

“ඔයා ඒක කිව්වෙ හරියටම මිනිස්සු කියනවා වගේ” එසේ කියමින් රිදී සිනාසුණාය.

“කාසියක් කවදාවත් මිනිහෙකුට සමාන කරන්න එපා. මම කාසියක් බව ඇත්ත. ඒත් මට ආත්ම ගෞරවයක් තියෙනවා. මිනිස්සු මොන වගේද කියන්න මම හොඳට දන්නව.”

කාසිත් මිනිස්සුත් අතර කාලාන්තරයක් ගැවසී ඇති රන් මිනිසුන්ගේ හැටි හොඳින් හඳුනන්නේය. කාසිවලින් සියලු දේ ගණන් හදන මේ ලෝකය කවදා කෙසේ ඇරඹිණිදැයි රන් නොදනී. එහෙත් ඒ සියළු දෙය නිර්මාණය කරන්නේ මිනිසුන් බව නම් රන් හොඳාකාරවම දනී. තමා විසින්ම නිර්මාණය කරගනු ලබන උගුල්වල නිතරම පැටලෙන මිනිස්සු ඒ ගැන කාට හෝ වරද පවරති. මිනිසුන් යනු තමා විසින්ම හදාගත් ලෝකවල සිරවී සිය කැමැත්තෙන්ම දුක් විඳන සත්ත්ව කොටසකි. රන්ට අනන්තවත් එසේ සිතී ඇත.

ISBN
9789553124289
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.