කැතයි ලැජ්ජයි නින්දිතයි
සේවක අර්ථසාධක අරමුදලේ අතිවිශාල ප්‍රමාණයක් සාමාජිකයන් වන්නේ අඩු වැටුප් ලබන සාමාන්‍ය ජනතාව.
වතු කම්කරු රස්සාවක, උදේ පාන්දර නැගිටලා ඉතා අඩු පඩියක් ලබමින්, දුක් විඳලා වැඩ කරන තේ දලු නෙළන අම්මා කෙනෙක් විශ්‍රාම යන මොහොතේදී හැකි උපරිම මුදලක් ඒ මනුස්සයාගේ අතේ තැබීම මහ බැංකුවේ වගකීම. ගෙදරින් කොළඹ ඇවිත්, බෝඩිමක නැවතිලා, ඉවරයක් නැතිව ඇඳුම් කෑලි මහන ඇඟලුම් කර්මාන්තයේ නංගි කෙනෙකුගේ අතේ උපරිම මුදලක් තැබීම මහ බැංකුවේ වගකීම. ඒක පනතේම සඳහන් වෙන දෙයක්. සේවකයාට උපරිම ප්‍රතිලාභ ලැබෙන විදියට මිස, අන් කිසිදු විදියකට එම මුදල් ආයෝජනය කිරීමේ අයිතියක් මහ බැංකුවට නැහැ.
ඇත්තටම මහ බැංකුව මේ අරමුදල සැලකිය යුතු වන්නේ ඉතාම පූජනීය දෙයක් ලෙස. මහ බැංකුවේ නිලධාරියෙකු ලබන වැටුප හීනයෙන්වත් දකින්න බැරි මිනිස්සුන්ගෙ දහදිය, ලේ, වෙහෙස තමයි වගකීමක් විදියට මේ නිලධාරීන් අතට පැවරිලා තියෙන්නේ.
***
මහා පරිමාණ හොරකම් මාලාවක යටගිය කතා, ඒ පසුපස සිටින චරිත, එයින් සිදු වූ විනාශය සහ අවසානයේ සේවක අර්ථසාධක අරමුදල මතින් ඒ සියලු පව් හෝදා හරින්නට ගෙන ඇති කැත, ලැජ්ජා සහගත, නින්දිත උත්සාහය ගැන මේ කෘතිය විස්තර කරනවා -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.