කතරගම දේව චාරිත්‍ර
දෙමළ සහජීවන සංස්කෘතියේ දේවස්වරූපය කතරගම දෙවියන් යැයි නොබියව කිව හැකි ය. සිරිලක ගම්දනව් සිසාරා කතරගම දේව ඇදහිල්ල, දේව චාරිත්‍ර ඉටු කිරීම අස්පර්ශනීය උරුමයකි. පරපුරින් පරපුර සිංහල - දෙමළ ජනයා අදහන ප්‍රබල දේව විශ්වාසයකි. කතරගම දේව චාරිත්‍ර මුඛ පරම්පරා හිමිකමක් බැවින් මේ වන විට එය වෙනස්වීමේ ප්‍රවණතාවකට ද ගොදුරු වී ඇත.
දෙවියන්ට ප්‍රිය ; කේ. ඩී. දේවප්‍රිය හීන් පැටිවියේ සිට කතරගම මහදෙවොල ඇසුරේ වැඩුනෙකි. කතරගම ගම්භාර දෙවොලේ කපුධුරන්දරය හොබවන්නා ද ඔහු මැ වේ. එහෙයින් සහභාගිත්ව නිරීක්ෂණ අත්දැකීම් ඉවහල් කරගෙන "කතරගම දේව චාරිත්‍ර” කෘතිය සම්පාදනය කර ඇත. දේව චාරිත්‍ර සතු අස්පර්ශනීය යටගිය උරුම දේවප්‍රිය මේ කෘතියෙන් පෙන්වා දෙයි. කතරගම දෙවියන් පිළිබඳ කෘතීන් කීපයක කතුවරයා ලෙසින් දේවප්‍රිය පාඨක විශ්වාසය දිනාගත්තෙකි. ගිලිහී යන කතරගම දේව අස්පර්ශනීය ජන උරුමයන් සුරක්‍ෂා කිරීම මේ ග්‍රන්ථයේ ඇති වටිනාකම ය. එය මතු පරපුර ලද කතරගම දේව බැල්මකි.
මහින්ද කුමාර දළුපොත. - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජනශ්‍රැති පර්යේෂක, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.