කවිකාර ආදරේ
සංස්කාරකගෙන්
සදාකාලික සංතෘප්තිය මිත්‍යාවකි. සංතෘප්තිකර බොහෝ දේ නිමේෂයකින් අතෘප්තිකර අත්දැකීමක් බවට පත්විය හැකිය. එනිසා ම ජීවිතයත් විටෙක සොඳුරු අඬහැරයකි. තවත් විටෙක කර්ණ කඨෝර මෙමෙ පද්‍ය දෝංකාරයකි.විශ්වය, ප්‍රේමය, සහ ගැහැනිය යනු එකකින් එකක් වෙන් කළ නොහැකි ප්‍රපංචයන් ත්‍රිත්වයකි. කෘතියේ කතුවරිය වන නුවනි සුදර්ශනී සිල්වා ඔලින්ගා මහත්මිය රචනා කරන ලද කවි අතර ඇගේ සිත්හී උපන් ප්‍රේමණීය සිතුවිලි දහරාව නිසගයෙන් ගලා එන හැඟීම් සමඟ සුමුසු කොට කළ කවිකම් සමුච්චයක් මෙම දුටිමි; වින්දෙමි. ප්‍රේමය නමැති ප්‍රපංචය නිර්වචනය කළ නොහැකි නිසා ම අනිර්වචනීය ය. ප්‍රමාණ කළ නොහැකි නිසා ම අප්‍රමාණය. මිල කළ නොහැකි නිසා ම අමිල ය. උපමා කළ නොහැකි නිසා ම අනුපමේය ය.විරහව කරණකොටගෙන උපදින්නා වූ විප්‍රලම්භ ශෘංගාරය පාඨකයාගේ හෘදස්පර්ශය සඳහා අනුභූතියකි. එබැවින් කතුවරිය සහෘදයාගේ භාව මණ්ඩලයත්, බුද්ධි මණ්ඩලයත් එක ලෙස ආමන්ත්‍රණය කිරීම සඳහා ගත් උත්සාහය ප්‍රශංසනීය ය.රස නිෂ්පත්තිය සඳහා කතුවරිය සතුවන්නේ සහජ කෞශල්‍යයකි. ප්‍රේමය මෙන් ම විරහව ද වින්දනය කළ හැකි මානුෂ හැඟීමක් බව මෙම පොතෙහි පිටුවක ම දුටිමි. දෘශ්‍යමානය විනිවිද ගොස් සහෘද හදවතෙහි අඳුරු අහුමුලු වෙත ආලෝක ධාරාවන් පතිත කරවීමට ඇය සමත් වන්නීය. හෘදය සංවේදී, පෙම්වත් සිතුවිලි ඇති සැමට ස්වකීය පුද්ගලබද්ධ ප්‍රේමය දෙස නැවත සියුම් ස්පර්ශයක යෙදීමට ඉඩ හැරීබැලීමකට මෙම කවිපොත සමත්වන බව ඉඳුරා ම පවසනු කැමැත්තෙමි. කතුවරියට හදපිරි සුබ පැතුම් ගෙන එමි.
සරස්වතිය පහළ වේවා.
ශාස්ත්‍රපති විශ්ව ප්‍රභාත් රාජපක්ෂ.
655/26,
සුදවිල පාර,
රනාල.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.