Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

About this book

සිල්වර් බර්ච් ගස දැන් පෙනෙන මානයේ ය. ජැක් විසින් ඇන්ජෙලා තබා තිබෙන්නෙ හස්ථි වෘක්ෂය අසල නම් දැන් එතැනට ඉතාම ආසන්නය. මේඋගුලෙන් ගැළවීමට තවමත් කිසිදු උපායක් ස්කොට්ගේ ගේ සිතේ නොමැතිය. හිස හරවා පිටුපස බැලූ ඔහු දුටුවේ පිස්තෝලය තමා දෙසටම එල්ල කරගෙන මඳක් පිටුපසින් ඇවිද එන ජැක් ය.

"මෝඩ වැඩක් නම් කරන්න හිතන්නවත් එපා ස්කොට්. දැන් හැමදෙයක්ම ඉවර වෙන්න ළඟයි."

අඩි පාර දිගේ තවත් ටික දුරක් ඉදිරියට ගමන් කළ පසුව ස්කොට් ට ඇයව පෙනිණි. දෑත් සහ දෙපා දෙපසට සිටින ආකාරයට ඇය හස්ථි වෘක්ෂයට කඹවලින් බැඳ දමා සිටින්නීය. බැමි ලිහා ගැනීමට ඇන්ජෙලා උත්සාහ දැරූ බව දැකගත හැක්කේ කඹවලට ඇගේ දෑත කැපී තිබෙන ආකාරයෙනි. ගැළවීමට බොහෝ වේලාවක් උත්සහ කළ ඇය දැන් අඩපණවූ ආකාරයෙන් ගසට හේත්තූ වී දෑස් පියාගෙන සිටින්නීය.

ස්කොට් ඇය කරා යන්නට උත්සහ කළේ ය. ඒ සමඟම පිටුපසින් ඇසුණ වෙඩි හඬකින් තිගැස්සුණු ඔහු ඉදිරියට දිවීම නවතා එතැනම නතර විය.

"ඒ වැඩේ කරන්න එපා ස්කොට්, පැත්තකට වෙන්න."

ස්කොට් සිය සොහොයුරා දෙසට හැරුණේය. අහසට එල්ල කරගෙන සිටි පිස්තෝලය පහත්කළ ජැක් නැවත එය ස්කොට් දෙසට යොමු කරගත්තේය. මේ වනවිටත් ඇන්ජෙලා දෑස් හැර සිටියාය. ඇගේ දෑස බියෙන් විසල් ව තිබිණි.

ISBN
9786246708160
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කවුරු විශ්වාස කරන්න ද? - THE ELEPHANT TREE

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.