වඩිත් සුරඟණෝ මේ සොඳුරු රැයේ
"ඔයා ස්වර්ගය ගැන විශ්වාස කරනවද?"
මම දිහා හැරී බලමින් මීවෙල් ඇසුවා.
"මගේ අම්මා ඉන්නේ ස්වර්ගයේ. තාත්තගෙත් වෙලාව ආවම ස්වර්ගයේ ඉඳන් සුරදූතයෝ ඇවිත් එයාවත් අම්මා ළඟට එක්කගෙන යයි."
අවුරුදු අටක් වයසැති මීවෙල් සහ එයාගේ තාත්තා පැට්රික් ජීවත් වුණේ ඉතා සමීප ආකාරයෙනි. නමුත් පැට්රික් ට මාරාන්තික පිළිකා රෝගයක් වැළඳෙනවා. ඊට පසුව ඔහු උත්සහ ගන්නේ තමා මියගිය පසු මීවෙල් ආදරයෙන් රැකබලා ගන්නා කෙනෙකු සොයාගන්නටයි.
අසරණ දරුවන්ට රැකවරණය ලබාදෙන පළපුරුදු තැනැත්තියක වන කැතී සහ ඇගේ දරුවන් දෙදෙනා මේ අභියෝගය බාරගනිති. ඉනික්බිතිව කැතී නොසිතන ආකාරයට මේ පවුල් දෙකේ සාමාජිකයින් ඉතා දැඩි සබඳතාවයකට මුල පුරති.
මීවෙල් සිය පවුල සමග දිවි ගෙවීමට පටන්ගත් මොහොතේ සිට සිදුවන විවිධාකාර හැළහැප්පීම් වලට කැතී සහ ඇගේ දරුවන් කෙලෙස මුහුණ දේවිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.