කවුරුන්ද මා ඔබේ
About this book
ඒත් පාන්දරට
මට නින්ද ගියා...
ආය ඇහැරෙද්දිවත්
තාත්තා ඇවිත් හිටියෙ නැහැ...'
කතාව නවතා ඇය
නැවතත් ගැඹුරු හුස්මක් ගත්තා.
"එදායින් පස්සේ
කවදාවත් ආවේ නැහැ...
“අම්මා තාත්තට
වෛර කරන්නෙ නැහැ...
තාමත් එයාට ආදරෙයි...
මට ආයෙත් තාත්තව
එකම එක පාරක් හම්බුණොත් ඇති...
දන්නවද ඒ ඇයි කියලා...”
එවර ඇය හරිතගේ මුහුණ දෙස බැලුවා.
ඔහු හිස දෙපසට වැනුවේ
දන්නෙ නැහැ කියන්න.
දහරා අසරණ ලෙස සිනාසී
ගැඹුරු හුස්මක් ගත්තා.
"මං චූටි කාලෙ කිව්වෙ
වැඩියෙන්ම ආදරේ
තාත්තට කියලා...
එයා ආය හම්බුණොත්
මං කියනවා
මං වැඩියෙන්ම ආදරේ
අම්මට කියලා...
මට ඒක වි..ත..ර..යි
එයාට කි..ය..න්න ඕ..න...”
Details
ISBN
9786245673209
පිටු ගණන (Pages)
580
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review