කෙලෙස් පර්වත රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2005
•…….මෙය සිහිනයක් නොවේ නම්, මෙයට
මොහොතකට පෙර අඳුරු භවාන්තරයේ මායා
සිහිනයක ක්ෂණික විදුලි එළි දහරකින් දුටු මුහුණක
ඡායාවක් මේ හුදකලා කාමරයේ පහළ වූයේ කෙසේද?
මෙවිට ඔහුගේ මුවින් පිටවූයේ සැක සහිත මුමුණන
හඬකි. ඒ සමඟම කඳුළු පිරි දෙනෙතින් යුතු එම
මුහුණෙහි ඇඬුම් මුසු සිනාවක් මතුවනු ඔහු දුටුවේය.
“මහත්තය හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා.”
යි මෙතෙක් ඔහු ළඟ නිහඬව සිටි සෝමා කීවා ය. “මම
හරියට බය වුණා…”
“සෝමා අහගෙනද හිටියෙ?”
“ඇහුණා… මට හරියට බය හිතුණා.” යි පැවසූ
සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය.
උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වේලාවක් වහල
දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කීවේය.”
“ඒ මගේ අතීතෙ වෙන්නැති… මගේ අතීතෙ මට වද
දෙනවා”
•…….එයින් හෙළිවන්නේ, මිනිස් සන්තාන ගත කර්ම
සංස්කාර ප්‍රවාහයෙහි ගැඹුරු ස්මරණය වූ කලී
කෙලෙස් ය යන සැබෑ (නිෂ්පන්න) දහම් අරුතයි.
පුහුදුන් මනසෙහි නොසැලී පර්වතයක් මෙන් නැඟී සිටින
මේ කෙලෙස් ස්මෘතිය, මිනිසා බවය පුරා නවාතැනින්
නවාතැනට ගෙන යනු ලබන යානයක් වැන්න. ඕනෑම
පුහුදුන් පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ගමන් මඟ විමසනු
ලබන්නේ කෙලෙස් විසිනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.