කෙසේ මියැදේ ද මතකයන්?
'කෙසේ මියැදේ ද මතකයන්?' නමැති සිය කුළුදුල් කාව්‍ය සංග්‍රහය තුළින් මාධව රංග කවියා තමන්ගේ කාව්‍ය සළකුණ සනිටුහන් කිරිමට ගන්නා උත්සාහය අගය කළ යුතුම ය, පවත්නා සමාජිය වපසරිය තුළ ගිලෙමින් ඔහු සොයාගන්නට වෙර දරන විවිධ වූ ධර්මතාවයන් කාව්‍යකරණය නැමැති අත් යන්ත්‍රයට හසුවී මනරම් නිමාවකින් යුතු පලස් බවට පත්වන ආකාරය පෙනෙන්නට තිබේ. සංස්කෘතික පරිහාණිය, නාගරිකරණයේ අඳුරු සෙවණැලි, ආර්ථික පරිහානිය, පරිසර හායනය, මානව සම්බන්ධතා ආදී වු විවිධ ප්‍රපංචයන් මාධව තම කවිය තුළින් පාඨක හදවතට සමීප කරයි. මෙලෙස ඔහු තබන පළමු පියවර කවියට හිතැති අපගේ අප්‍රමාණ සතුටට කාරණයකි. නිරන්තර අධ්‍යයනය හා සතතාභ්‍යාසය තුලින් ඔහු අනාගතයේ වඩා සාර්ථක කාව්‍යමය ගමන් මගට අවතීර්ණ වනු ඇතැයි යන විශ්වාසය හිතෙහි දරමින් ඔහුට සුභාශිංශන පිරිනමමි, එසේම ඔහුගේ නිර්මාණ එකතුවෙහි එන 'කොපි කළ පුතු' යන හිසින් යුතු කවියෙහි පහත සදහන් කොටස රංගගේ කවිය පිළිබඳ මාගේ නිරික්ෂණයන් සපථ කරනු ඇතැයි විශ්වාස කරමි,
“මගෙ රට ඒ රචනාවයි.
“මුතු ඇටයට හරිම සමයි - සොබාදමේ තෝතැන්නයි" ලියැවී තිබුණා
මට පුදුමයි හරි පුදුමයි - මම ලිව්වෙත් මේ දේමයි.
තිස් වසකට පෙර මගෙ වැකි පුතු කොපි කරලා
“තුන්වන ලෝකයේ රටකි. · සංවර්ධිත නොවූ රටකි”
මගේ පුතත් මං වගේම ලියලා තිබුණා”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.