කේල්

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
khel-nimasha-kavindi-mirendo-kathru

"මට තේරෙන විදියට ඔයත් මේ ප්‍රොපෝසල් එකට කැමති නෑ. ඉතින් මටත් කියන්න ඕන වුනේ ඒක. මං වගේ කෙනෙක් කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ. ගොඩක් තැන්ක්ස් ආවට. මම යන්නම්. මට කියන්න ඕන උනේ ඒක''

ඇත්තටම සුමීගේ ඒ වචන වලට අකෙල්ගේ හිත ගොඩක් සතුටු වුණා. මොකද සුමි ප්‍රතික්ෂේප කළේ බ්ලේයර්ව නිසා. සුමී සැරයටිය අතට අරගෙන නැගිටින්න ලෑස්ති වුණා.

" තමුසෙම එන්න කියලා.. තමුසෙම කියවලා.. තමුසෙම යනවද? ඉවරද කියවලා ?”

''තමුසෙ?”

සුමිගේ මුවින් ඒ වචනේ පිට වෙන්නේ ඒක මේ තාක් කාලෙකට කවුරුවත් ඇයව එහෙම අමතපු නමක් නොවුණ නිසයි.

''ඇයි එහෙනම්. බබා.. පණ. මැණික.. මේ මැඩම්ට එහෙමද ඕනේ?” ඒ රළු වචන වලින් අකෙල්ගේ හිතේ ඉන්න දඟකාරයා කතා කළත් මූණේ නම් තිබුණේ නපුරු පාටක්. අනවසරයෙන්ම සුමිගේ මූණට ළං වෙලා අකේල් හුස්ම වැටෙන මායිමේ නවතිද්දි සුමීට දැනුණේ අපහසුතාවයක්. නුහුරු බයකින් හිත පිරෙද්දි තමා මේ ගමන තනියම ආවේ මොන මෝඩ කමකටද කියලා සුමි හිතුවා.

Author නිමාෂා කාවින්දි මිරැන්ඩු - Nimasha Kavindi Mirendo (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (659)
More Information
ISBN 9786249476202
පිටු ගණන 240
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කේල්
Back to Top