"මට තේරෙන විදියට ඔයත් මේ ප්‍රොපෝසල් එකට කැමති නෑ. ඉතින් මටත් කියන්න ඕන වුනේ ඒක. මං වගේ කෙනෙක් කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ. ගොඩක් තැන්ක්ස් ආවට. මම යන්නම්. මට කියන්න ඕන උනේ ඒක''
ඇත්තටම සුමීගේ ඒ වචන වලට අකෙල්ගේ හිත ගොඩක් සතුටු වුණා. මොකද සුමි ප්‍රතික්ෂේප කළේ බ්ලේයර්ව නිසා. සුමී සැරයටිය අතට අරගෙන නැගිටින්න ලෑස්ති වුණා.
" තමුසෙම එන්න කියලා.. තමුසෙම කියවලා.. තමුසෙම යනවද? ඉවරද කියවලා ?”
''තමුසෙ?”
සුමිගේ මුවින් ඒ වචනේ පිට වෙන්නේ ඒක මේ තාක් කාලෙකට කවුරුවත් ඇයව එහෙම අමතපු නමක් නොවුණ නිසයි.
''ඇයි එහෙනම්. බබා.. පණ. මැණික.. මේ මැඩම්ට එහෙමද ඕනේ?” ඒ රළු වචන වලින් අකෙල්ගේ හිතේ ඉන්න දඟකාරයා කතා කළත් මූණේ නම් තිබුණේ නපුරු පාටක්. අනවසරයෙන්ම සුමිගේ මූණට ළං වෙලා අකේල් හුස්ම වැටෙන මායිමේ නවතිද්දි සුමීට දැනුණේ අපහසුතාවයක්. නුහුරු බයකින් හිත පිරෙද්දි තමා මේ ගමන තනියම ආවේ මොන මෝඩ කමකටද කියලා සුමි හිතුවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.