කිතලංගමුවේ මර්තේලිස්
මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ජීවත් වන කූඩාපේදුරු අල්ලාගේ මර්තේලිස් නමැති, ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි.
1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක්‍රියාකාරී ලෙස නියැළීම ආරම්භ කර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳු සම්පාදනය වී ඇති ඓතිහාසික වී අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලන ක්‍රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සලකා බැලේ.
සාමාන්‍යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස ආපසු හැරී බලන්නේ තමන්ගේ දේශපාලන පරිකල්පනීය විශ්වයේ කේන්ද්‍රීය අදහස් පද්ධතිය වූ මාක්ස්වාදී දේශපාලන ප්‍රවේශයේ දෘෂ්ටි කෝණයෙනි. මේ කෘතිය තුළ අවධාරණය කෙරෙන්නේ ලංකාව තුළ ස්ථාපිත වී ඇති සධාර්මික මාක්ස්වාදී ප්‍රවේශය මර්තේලිස්ගේ දේශපාලන ලෝකය පිළිබඳ ව්ශේෂයෙනුත් ලංකාවේ ග්‍රාමීය දේශපාලනය පිළිබඳව පොදුවේත් පුළුල් අවබෝධයක් ලැබීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.