ගුජරාටයේ සිංහයා නරේන්ද්‍ර මෝදි
"අජේ ආසියානු රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීමේ දී අප බෞද්ධ සිද්ධාන්ත උපයෝගී කරගත යුතුයි" නරේන්ද්‍ර මෝදි
නරේන්ද්‍ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වාජ්නගර් ගමේ ශාමිස්ථා විලටය. ඇතැම් දිනවල ඔහු නා හමාර වී විල් ඉවුරේ පන් පඳුරු අස්සේ පීනන මාළුන් අල්ලා ගෙදර ගෙනැවිත් ටැංකියට දමා ගන්නේය. මාළුන් ඇල්ලීමට ඔහුගේ බාල මලයා ප්‍රාහ්ලාද් ද එක් වෙයි. එදා ද නරේන්ද්‍ර අල්ලා ගත් මාළු සරම් ගොට්ටේ දමාගෙන ගෙදර ගෙන ආවේය. එතැන මඩකරි ද වූහ.
කොලුවන් දෙදෙනා ටැංකියට එබීගෙන යමක් කරනවා දුටු මව එතැනට ආවාය. ඇය ද ටැංකියට එබී බැලුවාය.
‛මේ මොකෙද්ද?” ටැංකියේ අඩියේ වෙන්ව නිසොල්මනේ හුන් සතා දුටු මව කෑ ගෑවාය. “මොකෙද්ද මේ අල්ලාගෙන ඇවිත් තියෙන්නේ? කිඹුල් පැටියෙක් නේද? දැන්ම ගිහින් දාපන්” මව අණ කළාය. ශාමිස්ථා විල ඔහුට සිය නිවස මෙන්ය. කිඹුලන් පිරි ඒ විලේ තරුණ නරේන්ද්‍ර වරක් පිහිනා ගියේ ගමේ දේවාලයේ කොඩිය සවි කිරීමටය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.